ලෝකයම කතාකලත් ලංකාවේ අවධානය යොමු නොවුන ලංකාවේ රොකට් වැඩ්ඩා

අපේ රටේ දරුවෙකු යම්කිසි ජයග්‍රහනයක් ලබා ගැනීම   ඕනම කෙනෙකුට සාමාන්‍ය ප්‍රවෘත්තියක් වෙන්න පුලුවන්. ඒ වගේම එය කාගේත් කතාබහට ලක් නොවී ජයග්‍රහනයේ සතුට දරුවාට සහ දරුවාගේ පවුලේ අයට,පාසලට පමණක් සීමා වෙනවා. නමුත් දරුවෙක් ජාත්‍යයන්තර මට්ටමේ තරඟයකින් අපේ රටට ජයග්‍රහනයක් අත්කර දුන්නහොත් එය බොහෝ දෙනාගේ අවධානයට ලක් වෙන සහ රටම කතාබහ කරන මාතෘකාවත් බවට පත් වෙනවා.

එවන් වූ ජාත්‍යයන්තර ජයග්‍රහනයකින් මාතෘභූමියට ගෞරවයක් එක් කල මේ දරුවා පිළිබඳ ඊ්ටත් වඩා කල යුතු හේතුවක් තියෙනවා.  දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම ප්‍රාදේශීය සභාවට අයත් ලියනදූව කියන ගමේ සාමාන්‍ය පවුලක ඉපදුන කළණ නිම්සර කරුණාරත්න මේ ජයග්‍රහනය ලබා ගත්තෙ රටවල් 16ක තරඟ කරුවන් රැසක් පරාජයට පත්කරමින්. මෙහි ඇති සංවේදීම කාරණය වන්නේ පවතනි දැඩි ආර්ථික ප්‍රශ්න හමුමේ මෙම දරුවාට ඉන්දියාවේ පැවැත්වුනු  ජාත්‍යයන්තර තරඟාවලිය සඳහා තම මවවත් රැගෙන යාමට නොහැකි වීමයි. කළණ ඉන්දියාවේ පැවති තරඟයෙන් ජයග්‍රහනය කර පැමිණ කියා සිටියේ ‘‘අනෙක් හැම රටකම ළමයින්ගෙ අම්මලා තාත්තලා ඇවිත් තිබුනා. මට සල්ලි නැති නිසා තනියම ගියා.‘‘ කියලා.

දැන් අපි කතාකරමු මොකක් කළණ මේ විදියට ලබාගනිපු ජයග්‍රහනය කියලා. අහල තියෙනවද ජල රොකට් ගැන?රොකට් තාක්ෂණය ඉගෙන ගන්න කෙනෙක් ඒ පිළිබඳ හැදෑරීමේදී ජල රොකට් තාක්ෂණය තමයි එහි මූලාරම්භය.ජලය පිරවූ රොකට් අනුරුවක් ජල තෙරපීම මඟින් අවකාශයට මුදා හැරීමක් තමයි එහිදී සිදු වන්නේ. මෙම ජල රොකට් තාක්ෂණය සම්බන්ධව ලංකාවේ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය මඟින් පැවැත්වූ තරඟයකින් තමයි කළණ මුලින්ම ජයග්‍රහණය කලේ.

කොළඹ ඉහල පෙලේ පාසල් රැසක්ද අභිබවා යමින්  සිදුකල මෙම දක්ෂතාවයේ ප්‍රථිඵලයක් ලෙස ඔහු ඇතුලු තවත් සිසුවන් පස් දෙනෙකුට ලංකාව නියෝජනය කරමින් ඉන්දියාවේ පැවැත්වෙන ජාත්‍යයන්තර තරඟාවලියකට යාමේ අවස්ථාව හිමි වුනා. මෙවැනි දක්ෂතා ඇති දරුවෙකු ගැන සියළු දෙනාගේම අවධානය මීටත් වඩා යොමු වන්නේනම් ඔහුගේ දක්ෂතා තුලින් අපේ රටේ නාමයට තවත් ගෞරවයන් එකතු කරගන්න පුළුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *