මළවුන්ටත් කොළේ වසා ජයටම සිදුකෙරෙන මිනීපෙට්ටි ජාවාරම

කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වුවද මිනීපෙට්ටියක සේවය ලබාගත යුතු දිනක් අපටද එනවා නියතය. මුස්ලිම් ප‍්‍රජාවට නම් මේ සඳහා වේවැල් කූඩයක් තුම්බේ නමින් පල්ලියෙන් ලැබුණත් අපට නම් නෑසියන්ට අතේ ඇති හැටියට පෙට්ටි අවශ්‍යතාව පිරිමහගන්නට සිදුවේ.

මිනී පෙට්ටිය නම් වූ ගොරහැඩි මූසල වචනය වෙනුවට ජනතාවට වඩාත් සුන්දර අත්දැකීමක් ලෙස මෙම අයිතමය ජනතාව පාවිච්චි කළ පුද්ගලයකු නම් කරුණාරත්න අබේසේකරයන්ය.
අධිමිල පෙට්ටි ප‍්‍රති අලෙවිය අද ද සරුවට කෙරෙන්නකි. පිළියන්දල ප‍්‍රදේශයේ ආදාහනාගාරයකට පැයක් පමණ ප‍්‍රමාද වී ගිය පුද්ගලයකුට දැකගතහැකි වූයේ මියගොස් සිටි තම මිත‍්‍රයාගේ දේහය කනත්තේ ආදාහනාගාරයේ ගල්ලෑල්ලක් මත තබා පත්තර කොළ වලින් වසා ඇති බවයි. තවත් කිට්ටු වී බැලූ විට ඔහුට දැකගත හැකි වූයේ ලක්ෂ 3 1/2 ක් පමණ වටිනා තම මිතුරා බහාලූ පෙට්ටිය වෑන් රථයකට පටවන බවය. සැනෙකින් තම මිතුරාගේ බිරිඳට ඇමතූ ඔහු වහාම ආදාහනාගාරයට එන ලෙස දන්වන්නට විය.

ජයරත්න නම් මල් මල් නම් ජයරත්න ලෙස මේ අසුන්දර බව සුන්දර මතකයක් බවට පත්කළ කරුණාරත්න අබේසේකරයන්ටත් මෙලොවින් චුත වීමට පිහිට වූයේත් මේ මිනී පෙට්ටියමය.ඇතමුන් තම අවසාන කැමැත්තට අනුව තම දේහය වෛද්‍ය විද්‍යාලයට භාරදෙන ලෙස දක්වන අවස්ථා ඇත. පසුගියදා මියගිය ප‍්‍රවීණ පුවත්පත් කලාවේදී ඞී.එෆ්. කාරියකරවන මහතාද තම දේහය වෛද්‍ය විද්‍යාලයට භාරදෙන ලෙස අන්තිම කැමැත්තේ සඳහන් කොට තිබුණි. වෛද්‍ය විද්‍යාලවල දේහයක් භාරගත්ත ද ඔවුන් මිනී පෙට්ටිය භාරගන්නේ නැත. බොහෝ විට මේ පාවිච්චි කළ පෙට්ටි මහලූ නිවාසවලට පිරිත්‍යාග කිරීම සිදුවේ. වරක් ප‍්‍රවීණ පුවත්පත් කලාවේදියකුගේ දේහයක් වෛද්‍ය විද්‍යාලයට භාරදුන් විට හිස්වූ පෙට්ටිය මහලූ මඩමකට ගෙන යන ගමනකට පුවත්පතට මනෝ විද්‍යාලිපි ලියූ ලේඛකයාද එක් විය. මිනීපෙට්ටිය ගෙනෙනු උඩුමහලේ සිටි මහලූ පුද්ගලයින් බලා සිටියේ අත්‍යාවශ්‍ය භාණ්ඩයක් ගෙන එන ලෙසය. මනෝ විද්‍යා ලේඛකයා මහලූ පුද්ගලයින් කිහිප දෙනෙකු සමග කතාකරන්නට අමතක කළේ නැත.

මහත්තයා ඔය පෙට්ටියෙන් යන්න වෙන්නේ කාටදැයි කියල අපි කතාවුණේයි මහල්ලකු කියූ කතාව මනෝ විද්‍යාඥයාගේ හදවත පසාරු කරගෙන යන්නක් විය. ඔහු වහාම මහලූ මඩමේ පාලන අධිකාරියට කතාකොට පරිත්‍යාග ලෙස ලැබෙන මිනී පෙට්ටි මහලූ පුද්ගලයන්ට නොපෙනෙන ගොඩනැගිල්ලක ගබඩා කරන ලෙස ඉල්ලන්නට විය. ඔහුගේ ඉල්ලීම සඵල විය. මිනී පෙට්ටි දැක ජීවිතය ගැන අනේ අපොයි! කියන්නට ඉන් පසු මහලූ උදවියට සිදු වූයේ නැත.

සමහරු ජීවත්වන විටම තම අවසන් කටයුතු සඳහා අවශ්‍ය මුදල් ගෙවූ අය සිටින බව බොහෝ මල් ශාලා හිමියන් කියූ කතාවකි. අඟුලාන ප‍්‍රදේශයේ එවැනි පුද්ගලයකු මියගිය විට දේහය බහා ගෙනා බාල පෙට්ටිය ගෙදර ඇත්තන්ගේ සිත්ගත්තක් නොවීය. මියගිය පුද්ගලයා ඕනෑම දෙයක් ඉතා සුපිරි ලෙස සිදුකරන පුද්ගලයෙකි. මියගිය පුද්ගලයාගේ එක් පුතකු නහර කාරයකු විය. ඔහු හොර රහසේ මල් ශාලාවට ගොස් පෙට්ටිවල ගණන් විමසුවේ කිසිවක් නොදන්නා ලෙසය.

තමාගේ පියා ඇනවුම් කොට තිබුණේ රුපියල් දෙලක්ෂයකට අධික පෙට්ටියක් බවත් මල් ශාලාවෙන් පියාගේ දේහය තැන්පත් කොට ඇත්තේ රුපියල් තිස්පන්දාහක පමණ බාල පෙට්ටියක බවත් දැනගත් පුතා වියරු වැටුණේය. මල්ශාලාවේ කළමනාකරුට සාමදානයේ සැතපෙන්නට පහරදුන් පුතා බේරාගත්තේ නෑදෑයින් විසිනි. ඒ නිසා මල්ශාලා කළමනාකරුට පෙට්ටියක සේවය ලබාගන්නට අවශ්‍ය නොවුණත් ගිවිසගත් අධිමිල පෙට්ටිය ලබා දෙන්නට මල් ශාලාවට සිදුවිය.

අධිමිල පෙට්ටි ප‍්‍රති අලෙවිය අද ද සරුවට කෙරෙන්නකි. පිළියන්දල ප‍්‍රදේශයේ ආදාහනාගාරයකට පැයක් පමණ ප‍්‍රමාද වී ගිය පුද්ගලයකුට දැකගතහැකි වූයේ මියගොස් සිටි තම මිත‍්‍රයාගේ දේහය කනත්තේ ආදාහනාගාරයේ ගල්ලෑල්ලක් මත තබා පත්තර කොළ වලින් වසා ඇති බවයි. තවත් කිට්ටු වී බැලූ විට ඔහුට දැකගත හැකි වූයේ ලක්ෂ 3 1/2 ක් පමණ වටිනා තම මිතුරා බහාලූ පෙට්ටිය වෑන් රථයකට පටවන බවය. සැනෙකින් තම මිතුරාගේ බිරිඳට ඇමතූ ඔහු වහාම ආදාහනාගාරයට එන ලෙස දන්වන්නට විය. කලබලයට පත් ආදාහනාගාරයේ සේවකයින් යුහුසුළුව ආදාහනාගාරය එළියේ තිබුණ දේහය ඇද දැමුවේ එවලේත් ගිනි ගනිමින් තිබුණු තවත් දේහයක් උඩටය. අදද ඉඳහිට ඇසෙන්නට ලැබෙන කණකර ගලවාගැනීමට මිනී ගොඩගැනීම, වටිනා පෙට්ටි ගොඩගෙන, මිනිය විසිකර පෙට්ටිය කොල්ලකෑම ආදී සිද්ධීන්ට වඩා වෙනත් කතාවක් 77ට පෙර යුගයේ සුසාන භූමි පාලකයකු අපට මතක් කර දෙන්නට විය. එකල දැඩි ඇඳුම් හිඟයක් තිබුණු බැවින් භූමිදානය කරන ලද මිනීවලට දැඩි ආරක්ෂාවක් දී තිබී ඇත. දැඩි ඇඳුම් හිඟය නිසා මිනී ගොඩගෙන ඇඳුම් ගලවාගෙන යන තරමට එදා ඇඳුම් හිඟය උග‍්‍රව තිබී ඇත. එහෙත් තවත් අයකු පවසා සිටියේ එය හුදෙක් විරුද්ධ දේශපාලන පක්ෂයකින් ගෙතූ දේශපාලන මඩ කතාවක් බවය.

මේ පෙට්ටිය ගැන කියන විට කළුබෝවිල රෝහල අසල මිනී කාක්කෙකු තමන්ට අමතක නොවන අත්දැකීමක් පවසන්නට විය. දිනක් රෝහල අසල පෙට්ටි කඩයකට ආ පුද්ගලයකු ඒ සඳහා මිල ගණන් කතාකරගෙන තමන්ට කොමිෂන් එකක් ද 20%ක් තබාගෙන ගණන් හිලව් ගැන එකඟතාවයක් ඇතිකර ගත්තේය. ටික වේලාවකින් වැඩිහිටි කාන්තාවකගේ දේහයක් ට්‍රොලියක තබා මල්ශාලාවට ආවේ ශෝකබරිත පිරිසක්ද සමගය. ඒ සමග කොමිස් කුට්ටිය කතාකරගත් පුද්ගලයාද ශෝක බරිතව සිට ඇත. සියලූ කටයුතු එම්බාම් එක සම්බන්ධයෙන් ඉටුකර ගණන් හිලව් බේරන විටද එම පුද්ගලයා දේහය දෙස බලමින් ශෝකබරිතව සිට ඇත. දේහය හර්ස් එකට දමා පිරිස සමගද ගිය ඒ පුද්ගලයා පැය භාගයකින් පමණ පැමිණ ඔහුට හිමි රුපියල් 40,000ක පමණ කොමිස් කුට්ටිය ඉල්ලා සිටින්නට විය. කතා බහෙන් මල්ශාලා හිමියාට තේරුම් ගියේ මේ පුද්ගලයා මේ කොමිස් මුදල ගත්තේ තම මවගේ මෘත දේහයෙන් බවය. ඒ සඳහා මුදල් වියදම් කොට තිබුණේ ඔහුගේ කෝටිපති සහෝදර සහෝදරියන්ය. මෙය ඉතා සංවේදී කතාවක් වුවද ඔහුගේ පාර්ශ්වයෙන් ද යම් කතාවක් තිබිය හැක. ඔහු කියූ කතාව අසා මල්ශාලා හිමිකරු ද හොල්මන් විය.

අපේ අයියල අක්කල අම්ම ඉන්නකම් සතපහක් බේත් ගන්නවත් දුන්නේ නෑ. මම තමයි අම්මට සැලකුවේ. පෙට්ටියට නම් ලක්ෂ ගාණක් වියදම් කළා, ලෝකෙට පේන්න. මං මේ සල්ලි වලින් අම්මගේ හත් දවස දානේ දෙනවා. නැත්නම් මට ඒකටත් සල්ලි නෑ. මිනිය උස්සපු ගමන් අපේ අයියල අක්කල හොයාගන්නවත් වෙන්නේ නෑ. මට තමයි හත්දවසේ දානේ තනියෙන් දෙන්න වෙන්නේ යැයි ඔහු කියූ කතාව මල්ශාලා හිමියා අසාගෙන හිටියේ තක්බීරි වෙලාය.

මිනී පෙට්ටි බිස්නස් එක සරුවටම කෙරුණු යුගයක් නම් පසුගිය උතුරේ යුද සමයයි. ගොඩගම ප‍්‍රදේශයේ හමුදා භටයකු කොටි ප‍්‍රහාරයකින් මියගිය විට පෙට්ටිය තේරීමට භාරවූයේ සොහොයුරාටය. ඔහු රු. 75,000/- ක පමණ පෙට්ටියක් තේරූ නමුත් හමුදාවේ ප‍්‍රධානියා එයට විරුද්ධ විය. හමුදා නිලධාරියා අධික මිලක පෙට්ටියක් තේරීම සහෝදරයාට ද ප‍්‍රශ්නාර්ථයක් විය. නමුත් පසුව දැනගත හැකි වූයේ හමුදා නිලධාරියා එම පෙට්ටියෙන් ලක්ෂ ගණනක කොමිස් මුදලක් ලබාගෙන තිබුණු බවය.

කොළඹ රටේත්, රටේ කොයිතැනකත් ප‍්‍රභූවරුන්ගේ බොහෝ විට අවසන් කටයුතු කෙරෙන ස්ථානයක් නම් බොරැුල්ල කනත්ත සුසාන භූමියයි. 1840 දී අරඹා ඇති මේ සුසාන භූමිය කෙතරම් ජනහදවත් තුළට පරම්පරාවෙන් පරම්පරාවට කාවැදී ඇත්දැයි කිවහොත් කනත්ත යන පදය සුසානභූමිය නැත්නම් කැරකෝප්පුවට යෙදෙන පර්යාය පදයක් ලෙස ජනගත වී හමාරය. තලපත්පිටිය කනත්ත පාර, හෝකන්දර කනත්ත පාර, කොහුවල කනත්ත (අද නිසල උයන* ආදී ලෙස රටපුරා සුසානභූමි කනත්ත වූයේ බොරැුල්ල සුසාන භූමිය නිසාය. ඇත්තටම මෙහිදී සිදුවී ඇත්තේ ඉඩමක නමක පටලැවිල්ලකි. බොරැුල්ල සුසාන භූමියේ ඉඩමේ නම කනත්තවත්ත ය. කනත්තවත්තගේ නමින් පෙළපත් නාමයක් ද ඇත. බොහෝ දෙනා මෙම පෙළපත් නාමය සඟවන්නේ තමන් සුසානභූමියකින් පැවත එන පිරිසක් ලෙස හංවඩු ගැසෙනු ඇතැයි සිතා විය යුතුය. ඇත්තටම වුණේ කනත්ත ඉඩමේ නම රටේ අස්සක් මුල්ලක් නෑර සුසාන භූමිවලට නොදැනීම යොදාගැනීමටයි.

දැන් හැම දෙයක්ම ඪෂඡු වෙද්දී මල් සාප්පුවලට ද මේ අලකලන්චියෙන් බේරි සිටීමට නොහැකි විය. ඇත්තටම ඪෂඡු අවමංගල සේවාද බිහිවිය. මෙම සේවාවට ඉස්තරම් ප‍්‍රභූ හර්ස් එකට පෙරගමන් යාමට ඉදිරිපසින් අශ්වයන් පේලි 3කුත් ඇතුළත්ය. අයකෙරෙන මුදල රුපියල් ලක්ෂ පහේ සිට අවමංගල්‍යයට එන අයට කෑම බීමත් සමගම ලක්ෂ දහයටත් එහා විය හැකිය. කොච්චර සල්ලි තිබුණත් එක් සිදුවීමකින් පසු මේ සඳහා අශ්වයින් යොදාගැනීමට දැන් හරහට හිට ඇත්තේ පොලෝසියයි. කනත්තේ ඪෂඡු අවමංගල්‍යයකදී අශ්වයින් දෙසට රතිඤ්ඤා කරලක් වැටී අශ්වයින් හොල්මන්වී ගොස් කනත්ත පුරා නන්නත්තාරේ දිවගොස් එකම ජංජාලයක් වීම නිසා දැන් ඪෂඡු සේවයට අශ්වයින් යොදාගන්නේ නැත. මිනීපෙට්ටි ගැන මහජනතාව අතර ගොඩනැගී ඇති මතිමතාන්තර ගැන මෙසේ ස්මරණය කරද්දී හැඟීයන්නේ මැරෙනවා යනුත් හිතන තරම් ලේසි නැති පණ යන වැඩක් නොවේද යන්නයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *