අලි දෙන්නාට ගිනි තියන පින්තූරයට තෑග්ගක්

පළා යමින් සිටින අලි දෙදෙනකුට කලහකාරී පිරිසක් ගිනි තබන ආකාරය දැක්වෙන සේයාරුවක් වනජීවී ඡායාරූප තරගයකින් පළමු ස්ථානයට තේරී පත්ව තිබේ.

(පහත දැක්වෙන ඡායාරූපය ඇතැමෙකුට සංවේදී විය හැක)

නැගෙනගිර ඉන්දියාවේ වැඩිහිටි ඇතින්නියක සහ පැටවෙකු මර බියෙන් පළා යමින් සිටින අතර පැටවා ගින්නට හසුව දැවෙන ආකාරය සිය කැමරා කාචයේ සටහන් කර ගනු ලැබුවේ බිප්ලබ් හස්රා විසිනි.

සම්මානය පිළිබඳ නිවේදනය කරමින් ‘Sanctuary’ නමැති සඟරාව සඳහන් කර තිබුණේ “මෙවැනි නින්දා සහගත ක්‍රියා නිතර සිදුවන” බවය.

සම්මානයට ලක් වූ ඡායාරූපය ගෙන තිබෙන්නේ අලි මිනිස් ගැටුම් බහුල වශයෙන් වාර්තා වන බටහිර බෙංගාලයේදීය.

ඉහත කී සිදුවීම අලි මිනිස් ගැටුමට අදාළ බව ඡායාරූපය සමග සඟරාව තුළ පළව ඇති සටහන මගින් පැහැදිලි කර ඇත.

කෑකෝ ගසමින් අලි දෙදෙනාට පරිභව කළ මිනිස්සු කණ්ඩායමක් ඔවුන් වෙත “තාර බෝල සහ රතිඤ්ඤා” දමා ගසන අවස්ථාවේ බිප්ලබ් හස්රා විසින් එය සිය කැමරා කාචයේ සටහන් කර ගනු ලැබ ඇතැයි එම සටහනේ දැක්වේ.

“වියවුලට පත්ව” විලාප නගමින් අලි පැටවා පළාගිය ආකාරය හස්රා සිහිපත් කරයි.

උපුටා ගැනීම – බී බී සී පුවත් සේවය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *