Explore Feed අප්ඩේට් එකට පස්සෙ Facebookදෙන්න යන අලුත් අප්ඩේට් එක මෙන්න

Facebook සමාගම Newsfeed එකට අන්තිමටම ලබාදුන් අප්ඩේට් එකෙන් Pages වල Posts වෙනමම Explorer නැමැති ටැබ් එක්කට වෙන් කිරීම කාගේත් කතාබහට ලක් වුණා.ඉතින් ඊළඟට Newsfeed එකට දෙන්න යන අලුත්ම Update එක ගැන තමයි මේ කියන්න යන්නේ.
Facebookහි Group එකක් හෝ ඔබගේ Friend කෙනෙකු ඔබ අකමැති මාතෘකාවක Post එකක් දානවනම් එය Newsfeed එකෙන් Hide කිරීමේ එසේත් නැත්නම් ඒ මාතෘකාවට අදාළ පෝස්ට්ස් ඔබගේ Newsfeed එකෙන් ඉවත් කිරීමේ හැකියාව මේ Feature එකෙන් ලබා දෙනවා.Facebook හඳුන්වාදෙන මෙම නවතම පහසුකම වන Snooze මගින් ඔබට, යම් පුද්ගලයෙකු තාවකාලිකව Snooze කරන්න පුලුවන්.එවිට ඔබ තෝරාගන්නා කාලසීමාව තුළ එම පාර්ශවය විසින් ඉදිරිපත් කරන Post සහ Comments දර්ශනය නොවේ.මෙම පහසුකම හරහා පැය 24කට,සතියකට,මාසයකට යනාදී ලෙස Snooze කිරීම කළ හැකි බව පැවසේ.
මෙයද මේ වන විට තෝරාගත් පරිශීලකයන් පිරිසක් සඳහා පමණක් නිකුත් කර ඇති අතර ඉදිරියේදී තවත් වැඩි දියුණු කර Facebook Newsfeed එකට ඇතුළත් කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *