ලොවක් බලා සිටි ඇපල් අයි ෆෝන් X

ලොවක් බලා සිටි ඇපල් අයි ෆෝන් X එක, නොවැම්බර් 03 වෙලදපොලට නිකුත් කරනු ලැබුවා.මේක ඇපල් අයි ෆෝන් 10 කියලත් හදුන්වනවා මෙය.ඉතින් මේක ගැන කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා.දැනට වෙලද පොලට නිකුත් කරන ලද මිල අදිකම ජංගම දුරකතනයත් මේකම තමා.ලංකාවේ මේකේ දැනට තියෙන(නොවැම්බර් 05) අඩුම මිල තමයි රුපියල් 213,000(64GB).ඉතින් හිතන්නකෝ මේක කොච්චර ගනන්ද කියලා.ඒවගේම මේකේ 256GB එක දැනට තියන අඩුම මිල අනුව රුපියල් 240,000 ක මුදලක් වෙනවා ශ්‍රීලංකාවේ.ඉතින් මෙච්චර ගනන් ෆෝන් එකේ මොනවද තියෙන්න්නේ කියලා බලමු අපි පොඩ්ඩක්.මුලින්ම මේකේ පෙනුම ගැන කතා කලොත් ඉතාමත් විශිශ්ට නිමාවකින් යුක්‍තව තමා මේක නිපදවලා තියෙනේ.හයි ඉන්ඩ් ඩිවයිස් එකක්නේ කොහොමත්.මේ ෆෝන් එකට සුවිශේශී වෙච්ච නිමාවක් පවතින ප්‍රධානම හේතුවක් වෙන්නේ මේකේ ඩිස්ප්ලේ එක. 5.8 inches, 84.4 cm2 (~82.9% screen-to-body ratio) සුපර් ආමොල්ඩ් කැපැසිටිව් ටච් ස්ක්‍රීන් එකක් තමයි තියෙන්නේ මේකට(Super AMOLED capacitive touchscreen).ඒ වගේම මේකේ ස්ක්‍රීන් එක 16M colors වලින් යුක්තයි.මේකේ ඩිස්ප්ලේ එක ගැන නම් කියන්න ගොඩක් දේවල් තියෙනවා.එවා එකින් එක පහලින් දාන්නම්


-Scratch-resistant glass- Dolby Vision/HDR10 compliant- Wide color gamut display- 3D Touch display- True-tone display
ආහ්හ්..තව පොඩ්ඩෙන් අමතක වෙනවා ස්ක්‍රීන් රිසලූශන් එක ගැන කියන්න.1125 x 2436 pixels, 19.5:9 ratio (~458 ppi density) තමයි මේකේ ඩිස්ප්ලේ රෙසලූශන් එක.ඉතින් දැන් අපි කතා කරමු මේකේ බොඩි එක ගැන.ම්ම්ම්ම්..මේකේ බොඩි එකේ දිග,පලල,උස 143.6 x 70.9 x 7.7 mm (5.65 x 2.79 x 0.30 in) වෙනවා.ඒ වගේම මේක 174 g (6.14 oz) බරයි.එච්චර බර නෑ වගේ නේ?කට්ටියට මතක ඇතිනේ ඇපල්ලගේ ගොඩක් ප්‍රසිද්දම ඇපල් අයිෆෝන් 4s එක.අන්න ඒකේ වගේම මේ ඇපල් X එකෙත් පිටුපස වීදුරුවකින් ආවරනය කරලයි තියෙන්නේ.ඒ වගේම ෆෝන් එක වටේට ස්ටේයින්ලස් ස්ටීල් ෆ්‍රේම් එකකුත් තියෙනවා.ඒවගේම මේ ෆෝන් එක – IP67 certified – dust and water resistant එකක්.මේක වතුර යට මීටරයක් ගැඹුරේ මිනිත්තු 30 ක පමන කාලයක් තියාගන්න පුලුවන් කියලා තමයි ඇපල් එකේ අය කියන්නේ.**ගොඩක් අය බලනවා ඇති ඇයි මීටරයක් යටට විතරක් අරන් යන්න පුලුවන් කියලා.කොහොමත් එකයිනේ වතුරට දැම්මම කියලා.ඒකට තමා පුතීලා කියන්නේ සයන්ස් කරන්න කියලා.ආයි මුල ඉදන් ඇවිත් සයන්ස් වලින් එක්සෑම් කරපියව්.එතකොට හරි.ඒවගේ ම තමා මෑත කාලයේ ආපු හැම ඇපල් ෆෝන් එකකම වගේම මේකටත් ඇපල් පේ (Visa, MasterCard, AMEX certified) පහසුකම තියෙනවා. දැන් ඉතින් බොඩි එක ගැනයි ඩිස්ප්ලේ එක ගැනයි කතා කරානේ.දැන් බලමු ඉතින් ෆෝන් එකේ වැදගත්ම දේ ගැන.ඒ තමා ෆෝන් එකේ චිප්සෙට් එක.ෆෝන් එක රත්තරන් වලින් හදලා දියමන්ති අල්ලා තිබ්බත් වැඩක් නෑ චිප්සෙට් එක වැඩකට නැත්තම්.ඉතින් ඒ අතින්නම් ඇපල් ගැන බය වෙන්න දෙයක් නෑ.මේ ඇපල් X ෆෝන් එකේ තියෙන්නේ Apple A11 Bionic චිප් සෙට් එකක්(මේකේ චිප් සෙට් එක ගැන වෙනමම ලියන්න තරම් දේවල් තියෙනවා.මේකට හුවාවෙයිලාගේ මේට් 10 එකට තියෙන dedicated NPU system එකක් නැතත් NPU සිස්ටම් එකක් තියෙනවා.AI ටයිප් චිප් සෙට් එකක් තමයි මේකත්.ලේසි නෑ හොදේ.ඒ වගේම මේකේ CPU එක ගත්තොත් නම් ඒක ගොඩක් විශේශයි. Hexa-core (2x Monsoon + 4x Mistral) CPU එකක් තමයි තියෙන්නේ.Hexa-Core????ඔව් Hexa-Core තමා..මෙච්චර කල් අහලා තිබ්බේ Quad-Core ,Octa-Core ප්‍රොසෙසර්නේ..මේක ඇවිල්ලා Hexa-Core.ඉතින් හිතන්නකෝ මේකේ තියෙන සුපිරිම ජාතියේ චිප් සෙට් එකයි මේ hexa-core ප්‍රොසෙසරයයි නිසා මේක කොයි තරම් වේගවත් එකක් ද කියලා.ඒවගේම Apple GPU (three-core graphics) වලින් මේකේ ග්‍රැෆික් සයිඩ් එක බල ගැන්වෙනවා.ගේමින් වලට මරු. iOS 11.1 එක තමා මේකේ රන් වෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි බලමු කැමරාව ගැන.අපේ අය නම් බලන්නේම ඕකනේ.අනිත් එවා මොන විදිහට තිබ්බත් කැමරාව පොඩ්ඩක් හොදට තියෙනව නම් අපේ අයට එච්චරයි.සමහරු ඔය එහෙම අරන් අප්පෝ අප්පෝ ගගා ඉන්නේ.ඇපල් වල කැමරාවට පහුගිය ටිකේ නම් තිබ්බේ නරක කල දසාවක්.රෑන්කින් වල මුල් ස්ථාන 03 අතරට එන්න බැරි උන ඇපල් මේ පාර හොදම කැමරා 3 අතරට එයි කියලා තමයි කියන්නේ.ගූගල් පික්සල් 2 එක ඇපල් එකට ලොකු තරගයක් දෙන මට්ටමක තමා ඉන්නේ කැමරාව පැත්තෙන්(අනිත් ඒවා ගැන කතා එපා ඉතින්)..කැමරාවට විතරක් වෙනම ප්‍රොසෙසරයක් තියනවා ගූගල් පික්සල් වල.දැන් බලමුකෝ කියන්න ආපු එක ගැන ඇපල් X කැමරාව ගැන.මේකේ පිටුපස කැමරාව(කැමරා දිවිත්වයක් තියෙන්නේ) Dual 12 MP, f/1.8 & f/2.4, phase detection autofocus, OIS, 2x optical zoom, quad-LED (dual tone) flash ගැන විස්තර තමා ඒ.ඉතින් දන්නවනේ කැමරා දෙකෙන් එකක් monochrome අනිත් එක coloured.ඉතින් විශේශම දේ තමා අනිත් කැමරා වල වගේ නෙවෙයි ඇපල් වල සූම් කරහමත් සූම් කරන්න කලින් තිබ්බ කොලිටි එක තියෙනවා ෆොටො එකක් ගද්දී. ඉතින් ඒ කැමරා එකේ තියෙන පහසුකම් මේ විදිහට පහලින් ලියන්නම්. Geo-tagging, simultaneous 4K video and 8MP image recording, touch focus, face/smile detection, HDR (photo/panorama).ඒ වගේම තව මේකෙන් අපට 2160p@24/30/60fps, 1080p@30/60/120/240fps කොලිටීස් වලින් විඩියෝ ගත කිරීම් වල යෙදීමේ හැකියාවත් තියෙනවා.හෝව්…. හෝව්…. දන්නවද??මේකේ කැමරා ලෙන්ස් එක six-element lens එකක්.එතකොට මේකේ ඉදිරිපස කැමරාවා ගත්තම 7 MP, f/2.2, 1080p@30fps, 720p@240fps,face detection, HDR, panorama කැමරාවක් තමා තියෙන්නේ.නමුත් මේ ඉදිරිපස කැමරාව සුවිශේශයි.ඇපල් සමාගම මෙතෙක් තිබූ fingerprint සෙන්සර් එක භාවිතා කර අන්ලොක් කිරීම වෙනුවට face detection මගින් තමා මේ ෆෝන් එක අන්ලොක් කරන්නේ.ඉතින් අපේ මූන ස්කෑන් කරන්න පුලුවන් විදිහට තමා මේක හදලා තියෙන්නේ.ඒ වගේම මේ ඉදිරිපස කැමරාව එක්ක සම්බන්ද උන අලුත්ම වෙනස්ම දේ තමා ඇනිමොජි කියන්නේ.අපේ මුහුනේ සැබෑ චලන අනුසාරයෙන් ඇනිමේශන් ඉමෝජි හදලා යවන්න පුලුවන් කමක් තියෙනවා මේ කැමරාවෙන්.අපේ මුහුනේ සැබෑ චලන අනුසාරයෙන් තමා මේ ඇනිමොජි ක්‍රියා කරන්නේ.ඒක නම් පට්ට නේ?? දැන් ඇති වගේ නේ??තාම ඉවර නෑ.කෙටියෙන් කියන්නම්කෝ ඉතුරු ටික.සුපුරුදු පරිදිම blutooth 5.0, A2DP, LE පහසුකම මේකේත් තියෙනවා.සුපුරුදු පරිදිම කිව්වේ ඇපල් ඇපල් අතර විතරයි මේක වැඩ කරන්නේ කියන එක.ඉතින් සෙන්සර්ස් ගැන කතා කලොත් Face ID, accelerometer, gyro, proximity, compass, barometer සෙන්සර්ස් මේකේ තියනවා.ඒ වගේම මේකේ USB පෝර්ට් එක 2.0, proprietary reversible connector පෝර්ට් එකක්.මේකේ බැටරිය නම් අනිත් ඒවට වඩා mAh ගාන ගොඩක් අඩුයි.ඒත් ඇපල් කියන්නේ ටිකක් වෙනස්ම බ්‍රෑන්ඩ් එකක්නේ.ඉතින් අනිත් ෆෝන් ලොකු ලොකු mAh ගනන් බැටරි යොදා ගත්තත් මේ ඇපල් යොදාගන්න අඩු mAh බැටරියත් හොද ආයු කාලයකින් යුක්තයි. Non-removable Li-Ion 2716 mAh බැටරියක් තියෙන මේක Up to 21 h (3G) කතා කාලයකින් යුක්තයි.ඒ කියන්නේ 100% චාර්ජ් කරාම පැය 21 ට වඩා කතා කරන්න පුලුවන්..ඒ විදිහටම චාර්ජ් කරලා Up to 60 h යනකන් සින්දු අහ අහ ඉන්නත් පුලුවන්.ඉතින් ආසන්න ලෙස ලක්ශ දෙකාහමාරක වටිනාකමකින් යුක්ත මේ ෆෝන් එක Space Gray, Silver යන වර්ණයන්ගෙන් වෙලදපොලට නිකුත් කරලා තියෙනවා.විශේශයෙන්ම කියන්න ඕන දැනට ලන්කාව තුල මේ ෆෝන් එක මිලදී ගන්න නම් කලින් ඕඩර් කරලා ගෙන්න ගන්න ඕනා.ගානත් වැඩි නිසා ෆෝන් එකේ විස්තරයත් ටිකක් දිග වැඩියි. මේක ගැන කියන්න රස කතා තව ගොඩක් තියෙනවා.ඔයාලා දන්නවද ඇපල් එකේ වැඩ කරන ඉන්ජිනේරුවරයෙක්ගේ දුවෙක් හෑන්ඩ්ස් ඔන් රිවීව් එකක් කරා මේ ඇපල් x එක ගැන ඒක වෙලද පොලට නිකුත් වෙන්නත් කලින්.ඉතින් ඒ වාසනාවන්ත දුව නිසා ඒ තාත්තව ඇපල් ආයතනයෙන් ඉවත් කරා.තව මේ ඇපල් අයි ෆෝන් x එකේ face ID එකත් ෆේල් උනා.කොහොම උනත් මේක සුපිරිම ෆෝන් එකක්.කව්රුවත් ආස නැති වෙන්න විදිහක් නෑනේ කොච්චර එක එක ඒවා කිව්වත් ඇපල් ෆෝන් එකක් පාවිච්චි කරන්න.මේක කොච්චර ගනන් උනත් කට්ටිය හෝ ගාල ගන්නවා

මේ තියෙන්නෙ ඒවට සාක්ශි

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *