ප්‍රයිවට් බස් එක දාපු වෙට්ටුවෙන් ලංගම බස් එක පෙරළුණ හැටි (Video)

මුලතිව් පරන්තන් ප්‍රධාන මාර්ගයේ ඉරට්ටවායික්කාල් ප්‍රෙද්ශයේදී ඊයේ පුද්ගලික බස් රථ රියදුරෙකු හිතිමතාම සිදුකළ අනතුරක් අන්තුරට පත්වූ ලංගම බස් රථයේ සිටි පුද්ගලයෙකුගේ කැමරාවේ සටහන් වී තිබුණා
ලංගම බස් රථ රියදුරා පුද්ගලික බස් රථය ඉස්සර කිරීමට යාමේදී පුද්ගලික බස් රථ රියදුරා දැමූ වෙට්ටුව නිසා ලංගම බස් රථ රියදුරාට රිය පාලනය කරගත නොහැකිව අනතුරට පත්වෙන අයුරු මෙහි සටහව් ව තිබෙනවා
මේ අනතුරෙන් පුද්ගලයින් 12ක් පමණ තුවාල ලබා ඇති බවටයි ආරංචි වන්නේ

එම අවස්ථාවේ වීඩියෝව පහතින්

රටින් අඩක්‌ දවසින් වැඩි හරියක්‌ සිටින්නේ මහ මඟය. ගැටලුව වී ඇත්තේ සමාජය තුළ ඔවුන් කොතෙක්‌ දුරට ආරක්‍ෂාකාරී ද යන්න පිළිබඳය. මිනිසුන් මෙන්ම බස්‌ රථය වේවා දුම්රිය වේවා, පෞද්ගලික හිමිකම් යටතේ පවතින වෙනත් යාන වාහනයක්‌ වේවා ගමන් කළ යුතුව ඇත්තේ මහමඟය. ආරක්‍ෂාව සුරක්‍ෂිත කළ යුතුව ඇති තැන ද එතැනය. සමාජය ද මේ වන විට බොහෝ සේ සංකීර්ණ වී හමාරය. මිනිසුන්ද විවිධ ගැටලුවලින් හෙම්බත්ය. ආර්ථික, සමාජයීය, සංස්‌කෘතික අංශයන්ගෙන් ගත්තද එකෙකු අනෙකා පැරදවීමේ තරගයකය. එහි ප්‍රතිඵලය වී ඇත්තේ ද කොහේa යන්නේ දැයි නොදැන ඔහේ යැමය. මහමඟදී රථවාහන විසින් බිලි ගන්නේ ද රථ වාහනවලට බිලි වෙන්නේ ද එසේ යන මිනිසුන්ය. රටට අහිමි වන්නේ වටිනා මිනිස්‌ ජීවිත ය. නිර්මාණය වී ඇත්තේ එය නම්, අත් මිදීමේ වුවමනාව ඇති විය යුත්තේ ද අපටමය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *