Whatsapp හදිසියේ බිඳ වැටීමට හේතුව මෙන්න

ලොව පුරා බොහෝ දෙනා පණිවිඩ යැවීම සඳහා භාවිත කරන whatsapp මීට සුලු මොහොතකට පෙර අක්‍රීය උනාමේ හේතුව නිසාවෙන් whtasapp මගින් පණිවුඩ යැවීමට හෝ ලබාගැනීමට නොහැකිව තිබෙනවා.

මේ වන විට එම දෝෂය නිවැරදි කර ඇති අතර මෙය තාක්ෂණික ගැටලුවක් නිසා හටගත් ප්‍රශ්ණයක් බවට එම ආයතනයේ නිළධාරීන් දැනුම් දි තිබෙනවා

ශ්‍රීලංකාව,සවුදි අරාබිය,ඉන්දියාව,ඇමරිකා එක්සත් ජනපදය හා යුරෝපයේ ඇතැම් රටවලට මෙය බලපා ඇති බව සඳහන් වන නමුත් ලෝකය පුරා විවිධ ස්ථාන වල මෙම ගැටලුව පැන නැගී ඇති බවටයි පිටරට පුවත් සේවා වාර්තා කරන්නේ
එසේම වැදගත්ම කරුණනම් whtasapp අයිතියද හිමිවන්නේ Facebook ආයතනයට වීමයි.මීට පෙර Facebook ද අක්‍රීය වූ අතර Facebook හී හිමිකාරීත්වය හිමි Instagram ද ගිය මාසයේ අක්‍රීය වීමකට ලක්වුණ අතර මෙම මාසයේ පටන් ගැන්මත් සමඟ ඔවුන්ගේ හිමිකාරීත්වය හිමි whtasapp ද අක්‍රීය වීම විමතිය දනවන කරුණකි.

whtasapp බිඳ වැටුණ රටවල් වල සිතියම පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *