ලොව බිහිසුණම පාතාල කල්ලි

Aryan Brotherhood (AB, The Brand)


Aryan Brotherhood කියන්නේ ලෝකෙ තියෙන භයානකම Prison Gang එකක්. Prison Gang එකක් කියන්නේ බන්ධනාගාරවල ඉන්න අපරාධකාරයන් හා පිටස්තර අපරාධ ලෝකය සම්බන්ධය තහවුරු කරන කල්ලි. Aryan Brotherhood කියන්නේ එච්චර විශාල අපරාධ කල්ලියක් නෙමෙයි. එත් ඔවුන් බන්ධනාගාර හිරකරුවන් රැසක් ඝාතනය කල කල්ලියක් ලෙස හදුන්වන්න පුලුවන්. එ කියන්නේ ඇමරිකාවේ බන්ධනාගාර වල සිද්ද වෙන ඝාතන වලින් 26 % ම මොවුන්ගේ අපරාධ ගිනුම් වලට බැර කරන්න පුලුවන් .
AB කල්ලියට එකතු වීමට නම් බන්ධනාගාර හිරකරුවෙක් මරා දැමීම නැමති සුදුසුකම සපුරා ලන්න ඔනේ . මේකට කියන්නේ Blood in , Blood out හැබැයි මේ කල්ලියට බැදුනට පස්සේ අයේ එක හැර යන්න නම් බෑ . එහෙම කරන අයට වෙන්නේ අබිරහස් විදියට ඝාතනය වෙන්න . කප්පම් ගැනීම් , කුලියට මිනී මැරීම් , මත් ද්‍රව්‍ය ප්‍රවාහන ආදී බොහොඅ අපරාද මොවුන්ගේ කල්ලිය මගින් සිදු කර තිබෙනවා .

Mexican Mafia ( La eMe )

Mexican Mafia කියන්නෙත් ඇමරිකාවේ උන බන්ධනාගාර අපරාධ රැසකට වග කියන්න ඔනේ පාතාල කල්ලි සංවිධානයක්. මේකට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. මේක ඇරඹුනේ 1950හේ Tracy California වල. මත් ද්‍රවය ජාවාරම , කප්පම් ගැනීම , මිනී මැරුම් වලට Mexican Mafia ප්‍රකටයි . Mexican Mafia හට පක්ෂ කල්ලි රැසක සහය තිබුණු බව කියවෙනවා .
කල්ලියේ එතරම් නීති නොතිබුණ නමුත් කල්ලිය පාවා දීම් , සම ලිංගික හැසිරීම් හා නිවට ලෙස හැසිරීම් වලින් තොර වීමට සමාජිකයන් පොරොන්දු වී තිබෙනවා . හැබැයි කල්ලි සාමාජිකයන්ට ක්‍රිස්තියානි ආගම වැලද ගැනීම තහනම් .
Mexican Mafia සමග සම්බන්ද වු අයෙක් හිරෙන් නිදහස් වූ විට ඔහු තම ආදායම් තවමත් හිරේ පසුවන කල්ලි නායකයන් හට යැවීමට බැදී සිටිනවා. කොහොම වුනත් සිවිල් වැසියන් ඝාතන සම්බන්ධයෙන් නම් Mexican Mafia හට එතරම් චෝදනා නෑ .

The Mungiki (Kenyan Mafia)

Mungiki කියන්නෙ නම් ඇමරිකාවේ පාතල කල්ලි සංවිධානයක් නෙමෙයි . මේක කෙන්යාවේ තියෙන දුප්පත් ප්‍රෙදේශ වල ව්‍යාප්ත වෙලා තියෙන භයානක කල්ලියක්. විශේෂයෙන්ම කෙන්යාවේ විශාල නගරක් වන නයිරෝබි වල. 1980 දී Mungiki ඇරඹී තිබෙනවා. මෙම සංවිධානය බොහෝ විට සාමාජිකයන් 50 කුගෙන් සමන්විත කොටස් වශයෙන් Mungiki ක්‍රියාත්මක වන අතර ක්‍රිස්තියානි ආගම හා අනෙකුත් බටහිර සංවිධාන සම්බන්ධයෙන් දැඩි පිලිවෙතක් අනුගමනය කරන අතර ඔවුන් ඝාතනය කිරීමටද ඔවුන් නොපසුබට වෙයි. මොවුන් මිනිසුන්ගේ හිස් ගසා දැමීම් , කාන්තාවන්ගේ අවයව මිලේච්ඡ ලෙස කපා දැමීම් ආදී දාමරික ක්‍රියා රැසක නිරත වන බවට තොරතුරු ලැබී තිබෙනවා.

Primeiro Comando da Capital (PCC)

Primeiro Comando da Capital කියන්නෙ බ්‍රසීලියානු එකක්. ඉතා මෑතකදී එනම් 1993 දී හිරකරුවන් 8 දෙනෙකුගේ මැදිහත් වීමෙන් PCC ඇරඹි අද වන විටත් කුඩා අපරාධ කල්ලියක් වුවත් දරුණු පාතාල කල්ලි සාමජිකයන්ගෙන් සැදුම් ලත් සංවිධානයක් බව මුලු ලොවම පිලි ගන්නා කාරණාවක්. මොවුන් බොහෝ විට පොලීසියට හා ඒ සම්බන්ධ ආයතන වලට හා එම නිලධාරීන් හට හිංසා කිරීමට මෙම කල්ලිය සාදා ගෙන තිබෙනවා. කල්ලියෙ සාමජිකයන්ගෙන් හිරේ සිටින අයෙක් 27$ පමණද , හිරෙන් පිට සිටින අයෙක් 270$ පමණද කල්ලියෙ පැවත්ම වෙනුවෙන් එක් මසකට වැය කිරීමට බැදී තිබෙනව. එම මුදල් ආයුද වලට , මත් ද්‍රවය වලට හා සාමාජිකයන් හිරෙන් එලියට ගැනීමේදී යන වියදමට වැය කරනවා.PCC හී සාමජිකයෙක් වෙන්න නම් කල්ලියෙ දැනට සිටින සාමාජිකයෙකුගේ නිර්දේශය තිබිය යුතු අතර දිවුරුම් දීමකට මූහුන දීමට ඔහුට සිදු වෙනවා.

Black Guerrilla Family (Black Family, Black Vanguard)

George Jackson නැමත්තෙකු විසින් 1966 දී අපරාධ කල්ලිය අරඹන ලදී . Marin County, California අවට ප්‍රදේශ වලින් මෙම කල්ලිය ව්‍යාප්ත වුන අතර කලු – සුදු ජාතිකයන්ගේ විරසකය මුල් කරගෙන ඇරඹී තවත් අපරාධ කල්ලියක් ලෙස Black Guerrilla Family හැදින්විය හැකියි.
ඇමරිකානු ආණ්ඩුවට කැරලි ගැසීමට මෙන්ම ඇමරිකානු බන්ධනාගාර වල සිටින කලු ජාතික හිරකරුවන් පාලනය කිරීමත් මොවුන්ගේ මූලික අරමුණ වී තිබේ . අද වන විට 500 , 000 පමණ පාතාල සාමාජිකයන්ගේ සමන්විත Black Guerrilla Family සමග සම්බන්ධ වීමට කලු ජාතිකයෙකු වීම හා කල්ලියේ සාමාජිකයෙකු විසින් නිර්දේශ කිරීම අනිවාර්යය . නමුත් වර්තමානයේ නව කල්ලි සාමාජිකයන් හා ජේෂ්ඨ කල්ලි සාමාජිකයන් අතර ගැටුම් ඇති වන බවට පුවත් වාර්තා වී ඇත.

La Nuestra Familia

1968දී Northern California වලින් ඇරඹුනු La Nuestra Familia මෙක්සිකානුවන්ගෙන් සමන්විත පාතාල කල්ලියක් ලෙස හදුන්වන්න පුලුවන් . Mexican Mafia හා La Nuestra Familia කල්ලි අතර දිගු කලක පටන් සටන් ඇතිවී ඇති අතර කිහිප දෙනෙකුගේ මතය La Nuestra Familia බිහි වීමට ප්‍රධාන හේතුව Mexican Mafia කල්ලියට විරුද්ධව සටන් වැදීමට බවයි. එමෙන්ම විවිධ අපරාධ කල්ලි මගින් තම සංස්කෘතීන් බලහත්කාරව ප්‍රචාරය කරන සමයක මෙක්සිකානු සංස්කෘතිය ආරක්ෂාකාරීව ඉදිරියට ගෙන යාමත් La Nuestra Familia මගින් සිදු වෙනවා. La Nuestra Familia ඔනෑම තත්වයක පුද්ගලයෙකු ඝාතනය කිරීමේ හැකියාවක් තිබූ අති බිහිසුණු අපරාධකරුවන් ගෙන් සමන්විත අපරාධ කල්ලියකි . La Nuestra Familia සංවිධානයේම සාමජිකයන් අතර ගැටුම් ඇතිවීම සුලබයි. La Nuestra Familia යේ සාමාජිකත්වය ලබා ගැනීම තරමක් අපහසුයි . වසර දෙකක් තුල විවිධ අපරාධ කර අපරාධකරුවෙකු ලෙස තම හැකියාව පෙන්වීමට හැකි වූ අයෙකුට හි සාමාජිකත්වය ලබා ගත හැකියි. මුදල් , පවුල , කාන්තාවන් යනාදී මේ හැම එකකටම වඩා කල්ලිය තමාට වටිනා බව සපථ කරන La Nuestra Familia කල්ලි සාමජිකයින් ඉතා දරුණු වන්නේ එම නිසයි.

Texas Syndicate

Mexican Mafia හා Aryan Brotherhood කල්ලි විසින් බොහෝ විට Texas හී වැසියන් කොල්ල කැමෙහි නිරත විය . මේ හේතුවෙන් Texas හී හිරකරුවන් හට තමනුත් කල්ලියක් මගින් ප්‍රත්චාර දැක්වීමේ අවශ්‍යතාවය තදින් දැනෙන්නට විය. Texas Syndicate කල්ලිය සැදුනේ මෙක්සිකාවේම ඉපදී පසුව ඇමරිකාවට සංක්‍රමණය වුවන්ගෙනි. අද වන විට 1000 පමණ Texas Syndicate කල්ලි සාමාජිකයන් පිරිසක් බන්ධනාගාර ගත වී ඇති අතර , 800 පමණ කල්ලි සාමාජිකයන් පිරිසක් පිටත වාසය කරයි.මිනී මැරුම් , කප්පම් ගැනීම්, මත් ද්‍රව්‍ය ප්‍රවාහනය යනාදී නොයෙකුත් අපරාධ සදහා ප්‍රකට අපරාධ කල්ලියක් ලෙස Texas Syndicate නම් කල හැකිය.

Crips

Crips යනු බොහෝ විට නිල් පැහැති ඇදුමින් සැරසී ගත් දරුණු කල්ලි සාමාජිකයන් පිරිසක්. 1971 දී පමණ Stanley “Tookie” Williams හා Raymond Lee Washington විසින් මෙය ආරම්භ කලේ South Central , LA හී East Side හා West Side වැනි ප්‍රදේශ වල සිටි තම විසින් හදුණන අපරාධකරුවන් එක් කල්ලියකට ගෙන ඒවන විට පැවති අනෙකුත් ප්‍රබල කල්ලි වලට ප්‍රතිචාර දැක්වීමේ අරමුණින්. Crips කල්ලියට බැදුණු බොහෝ දෙනා වයස් 17 හි පමණ පසු වූවන් වීම විශේෂයක්.
පලමුව මෙම කල්ලිය හැදින්වුයේ Cribs නමින් වුවත් සමහර කල්ලි සාමාජිකයන් විසින් වේවැල් රැගෙන ඇවිදීම ( ඝනිකාවන් සමග තම තත්වය ‘ Pimp Status ‘ පෙන්වීමට ) පටන් ගත් පසු අනෙකුත් අය ඔවුන් Cripples ( නොන්ඩියෝ ) ලෙස හැදින්වීමට පටන් ගත් අතර පසුව එය Crips ලෙස කෙටි වූ බව පැවසේ. මේ වන විට ලක්ෂ 3 කටත් වඩා අධික පිරිසකින් සමන්විත Crips කල්ලිය දැඩි දරුණු සිත් ඇත්තවුන්ගෙන් සමන්විත බව පැවසෙන අතර කල්ලිය තුල ගැටුම් වුවත් ඔවුනට අරුමයක් නොවේ.

Bloods

Bloods යනු Crips කල්ලියේ සතුරු කල්ලිය හා රතු ඇදුමින් සැරසුණු අපරාධකරුවන්ගෙන් සමන්විත අපරාධ කල්ලියක් ලෙස ප්‍රකටය.1972 දී ඇරඹුණු මෙම කල්ලිය ක්‍රමක් ක්‍රමයෙන් අනෙකුත් වීදි කල්ලිත් පාලනය කිරීමට තරම් ප්‍රබල තත්වයකට පත් විය. Bloods කල්ලි සාමාජිකයන් කිසි විටක බිය නොවූ නිසා අනෙකුත් කල්ලි සාමාජිකයින් පවා තම කල්ලි අත හැර ඔවුන් හා එක්වීමට දැක්වියේ දැඩි කැමැත්තක්. මෙම කල්ලිය කොටස් වලට බෙදී වෙන් වී තිබෙනවා. Bloods කල්ලි බදවා ගැනීම වලදී තමාට ගැලපෙන කොටස තීරණය වන්නේ තමන්ගේ අපරාධ දක්ෂතා අනුවයි. එමෙන්ම Bloods කල්ලිය අනෙකුත් තරුණයන් හට තම කල්ලියට බැදෙන මෙන් අනතුරු අගවන බවටත් තොරතුරු ලැබී තිබෙනවා.

Mara Salvatrucha (MS-13)

Mara Salvatrucha (MS-13) කියන්නේ අපරාධ ලොව තුල අනෙක් ඔනෑම කල්ලියක් කුඩා දරුවන් බවට පත් කල හැකි අති බිහිසුණු පාතාල ලොව සුපිරිතමයන්ගෙන් සැදුම් ලත් කල්ලියක්. මෙම කල්ලිය ගෝතමාලා , හොන්ඩුරුස් , සැල්වඩෝරියන් හා ඇමරිකානු ජාතිකයන්ගේ එකමුතුවෙන් 1980 දී ඇරඹී තිබෙනවා. අද වන විට ඇමරිකාවේ පමණක් නොව ස්පාඤ්ඤය , බ්‍රිතාන්‍යය , ජර්මනිය හා කැනඩාව වැනි රටවල් වලට පවා MS-13 ව්‍යාප්ත වී තිබෙනවා . MS-13 කල්ලිය මත් ද්‍රව්‍ය වෙලදාම , කලු කඩ අයුධ වෙලදාම , සොරකම් , කුලියට මිනී මැරුම් , හොර ජාවාරම් ආදී නොයෙකුත් අපරාධ සදහා නම ගිය කල්ලියක්. 10,000 පමණ MS-13 කල්ලි සාමාජිකයන් සිටින බවට වාර්තා වී ඇත. වරක් ලමුන් හා කාන්තාවන් සිටි බසයකටත් ගිනී තැබු MS-13 කල්ලිය ඔවුන් පිලිබද නීතිය හමුවට යාමට සැරසෙන ඔනෑම අයෙකු මරා දැමීමට නොපසුබට වෙයි.

 

උපුටා ගැනීම :- Elakiri.com

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *