Samsung ගැන අපි නොදන්න කතාව

මේ කියන්න හදන්නෙ Samsung ෆෝන්ස් ගැන නෙමෙයි.ලෝකේ දැවැන්තම ආයතන වලින් එකක් වල Samsung සමාගම ගැනයි.ලොකේ උසම ගොඩනැගිල්ල තමයි ඩුබායි වල පිහිට Burj Khalifa.කව්ද මේක හැදුවේ.?එතකොට මැසේලියාවෙ තියන Petronas Towers කව්ද හැදුවෙ.?ඒ තමයි Samsung.ඒ විතරක් නෙමෙයි ලෝකේ ප්‍රසිද්ධ skyscrapers හැම එකක්ම හදල තියෙන්නෙ Samsung ලයි.මෙන්න එහෙනම් Samsung ගැන පුදුම හිතෙන කාරණා කිහිපයක්

අතීතය – 1938 වසර වෙනකොට ලොකේ ව්‍යාපාර කටයුතු ගොඩක් අඩපණ ලො තිබ්බේ.ඒ මේ වකවානුවේ තිබ්බ දෙවනි ලෝක යුද්ධය හේතුවෙන්.ඒත් 1938 වසරේ කොරියන් ජාතිකයෙක් වන Lee Chull කියන කෙනා පටන් ගන්නවා පොඩි ආයතනයක්.ඒ තමයි Samsung.මේ ආයතය පටන්ගන්නෙ සාමාන්‍ය වෙළදබඩු ආනයනය / අපනයනය කරන්නයි.ආයතනයේ වැඩ කරන්න හිටිතේ 40ක වගේ සුලු පිරිසක්.මීට අමතරව මේ ආයතනයේම නිෂ්පාදන විදිය නූඩ්ල්ස්, සීනි හා වූල් නූල් නිපදවනවා.1950හ වෙනකොට මේ ආයතනය, සිකුරටි කම්පැනීස් කීපයක්, රක්ෂණ සමාගමක් විදියට තමන්ගෙ වපසරිය පුලුල් කරගන්නවා.1960 වෙද්දි Samsung සමාගම විදුලි උපකරණ යත්‍ර නිපදවන්න පටන් ගන්නවා.Samsung සමාගමේ නිපදවපු පළවෙනිම විදුලි උපකරණ නිෂෂ්පාදනය වෙන්නෙ අගල් 12හේ කලු සුදු රූපවාහිනියක්.1983න වසරේ පළවෙනි Samsung පරිඝනකය එළියට එනවා.ඒ කියන්නෙ වින්ඩෝස් පරිඝනක ඇවිත් අවුරුදු ගාණනාවකට පස්සෙ.මේ වෙනකොටත් Samsung සමාගම ලෝකේ හොද නමක් දිනාගෙන තිබුනා…..

වර්ථමානය – අද ලෝකේ ඕනැම රටක ඕනිම කෙනෙක් මොකක්ම හරි Samsung උපකරණයක් පාවිච්චි කරනවා.ශීතකරණ, නවීන තාක්ෂණයේ රූපවාහිනී, ෆෝන්ස්, ස්මාර්ට් ඔරලෝසු බ්ලා බ්ලා බ්ලා බ්ලා හැම විදුලි උපකරණයක්ම වගේ අද වෙනකොට Samsung සමාගම නිපදවනවා.හිතා ගන්න පුලුවන් Samsung සමාගම කොච්චර ලොකුද කියල.?ඒ වගේම අපි මේ දන්න දේවල් වලට අමතරව අපි නොදන්න දේවල් වලට Samsung සමාගම කොච්චර මැදිහල් වෙලා තියනවද කියලා.?Samsung සමාගම ඔයාලා කව්රුත් හිතනවට වඩා ගොඩක් ලොකු සමාගමක්.එහෙනම් අපි බලමු….

1993නේ ඉදන් අද වෙනකන් Samsung සමාගම තමයි Memory Chips නිපදවන ලෝකෙ දැවැන්තම සමාගම.ඒ වගේම පළවෙනි iPhone එක සම්පූර්ණයෙන්ම සමන්විත වෙන්නෙ Samsung සමාගමෙන් නිපදවපු චිප්ස් වලිනුයි.මෙන්න මේ සිද්දිය නිසා 2011හ වෙද්දි Samsung සමාගම තමයි ලෝකේ ලොකුම ස්මාර්ට් ජංගම දුරකථන නිපදවන සමාගම වෙන්නෙ

කොරියන් භාෂාවට අනුව Samsung කියන්නෙ 3 Stars කියන එකයි.මේකට හේතුව තමයි Samsung සමාගම පටන් ගත්ත Lee Chull ට ඕනි වෙලා තිබ්බෙ සමාගම බලවත්, විශාල වගේම සීමාවක් නැතිව පැතිරුණු එකක් කරන්නයි.අනිත් දේ තමයි Samsung කියන නම අමරණියත්වය හදුන්වන්නත් පාවිච්චි කරනවා.Samsung ලොගෝ එක හොදට බලන්න.පටන් ගන්න S අකුරයි, ඉරවෙන G අකුයි, නිල්පාට රව්මට ගෑවිලා සුදු අවකාශයක් තියෙන්නෙ.මේකෙන් හදුන්වන්නෙ Samsung සමාගම ඕනිම කෙනෙක්ගෙ අලුත් අදහසකට විවෘතයි කියන එකයි

206ය වසරේ ඉදන් Samsung තමයි ලෝකේ රූපවාහිනී නිපදවන සමාගම් අතරින් ලොකුම සමාගම.ඒ වගේම අදවෙනකොට Screen Market එකේ 95%ක්ම අත්පත් කරගෙන ඉන්නෙ Samsung සමාගම

Samsung සමාගම වසරකට බිලිය 14ක මුදලක් වෙන් කරනවා අලුත් දේවල් හොයාගන්නයි තියන දේවල් වල වැඩි දියුණු කිරීම් කටයුතු වලටයි විතරක්.Samsung Galaxy S කියන නමේ අන්තිමට තියන S අකුරෙන් හදන්වන්නෙ Super Smart කියන එකයි

මේ වෙනකොට Samsung සමාගම යටතේ 490,000කට වඩා පිරිසක් සේවය කරනවා.ඒ ගාණ Apple+Google+Microsoft සමාගම් 3නේ වැඩකරන පිරිසේ එකතුවටත් වඩා වැඩියි. වාහන නිෂ්පාදනය, වෛද්‍ය සේවා, හමුදා බලඇනියක්, ඉලෙක්ට්‍රෝ මැකනික්ස්, ටෙක් වින්, ජීවිත රක්ෂන සමාගම්, ඉතිරිකිරීමේ ශාඛා, රසායනික නිෂ්පාදනාගාරයක්, හොටෙල්ස්, ආර්ථිකය ගැන ඉගෙන ගන්න අයට ඒ සදහා ආයතනයක්, සංස්කෘතික ගොඩනැගීම් සමාගමක්, රොබෝ තාක්ෂණය, අවි ආයුධ නිෂ්පාධනය, ගොඩනැගිලි නිෂෟපාදනය වගේ ගොඩක් දේවල් Samsung සමාගම මේ වනකොට පවත්වගෙන යනවා….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *