අපේම වැරදි නිසා විනාශයට පත්වෙන උතුම් ශ්‍රිපාදාස්ථානය

ශ්‍රීපාදේ විනාශය ගැන එය කරුණා කරපු ලංකාවේ තරුණයෙක් තැබූ සංවේදී සටහන

ගොඩක් කණගාටුවෙන් මේ දේ කියන්නේ අද..

ශ්‍රී ලංකාවේ අපිට තියෙන මැණිකක් තමයි ගෞතම ශ්‍රී පාදස්ථානය..බුදුන් වහන්සේ මතුවට මගේ ශාසනය පිහිටුවන රට කියලා දේශනා කරපු රට මේ.එහෙම රටේ තියෙන ධාතුන් වහන්සේ නමක් තමයි අපේ සමනළ කන්දේ වැඩ සිටින ශ්‍රී පාද පද්මය..මම සාමාන්‍යයෙන් අවුරුද්දේ මාස 12ම සිරිපා කරුණා කරනවා. වාර අවාර දෙකේම..ඒත් මම ඊයේ යද්දී පොලිසියෙන් යන්න එපා කිව්වා. හේතුව තමයි “සිරිපාදේ නාය ගිහින්” කියන පණිවිඩේ.උඩ මළුවෙන් දෙන පණිවිඩ විතරයි එයාල දන්නේ. පොලිසියෙන් වත් දන්නේ නෑ. මොකද උඩින් පහලට එන්න බෑ. පහලින් උඩට යන්නත් බෑ.ඒ නිසාම රෑ ගඟුල තැන්නේ නතර වෙලා උදේ කරුණා කළා..ඇත්ත… සිරිපාදේ නාය ගිහින්. මොකද පහුගිය අවුරුදු දෙක ඇතුලත වැඩිම වැස්ස තමයි මේ වැහැලා තියෙන්නේ.ඒත් නාය ගිහින් තියෙන දේ බලන්න.. සිරිපා කන්ද නෙමේ..අපේ මෝඩ මිනිස්සු නිසා හැදිච්ච කුණු කඳු..මහගිරිදඹේ පඩි 20 කට වඩා ප්‍රමාණයක් අතුරුදහන්.ගොඩක් හයිය අත්වැට නැවිලා කැඩිලා ගිහින්. මොනා නිසාද?

මිනිස්සු ගෙනිහින් දාපු කුණු නිසා.ලයිට් කනු කඩන් වැටිලා කරන්ට් ලීක් වෙලා, පඩි නැහැ, මහ වැස්ස, කුණු කඩාගෙන වැටුණු ප්‍රපාතය, මේ හැමදේම එක්ක බොහොම අනතුරුදායක ගමනක් මේක.දැන් කිසි කෙනෙක්ට උඩ මළුවට යන්න අවසර නෑ. දැන් යන්නත් බෑ..ඒ නිසා වාරය වෙනකම් අවාරයේ ගමන් තහනම්…වැඳලා ඉල්ලන්නේ ඔයාලගෙන්..ආයේ යන්න එපා සිරිපා කරුණා කරන්න,, කුණු නොදා එන්න බැරි නම්.

පස් වත් ගල් වත් නෙමේ මේ. සෙරෙප්පු, සපත්තු, වතුර බෝතල්, පොලිතින්, බිස්කට් පැකට්, ඕව විතරයි මේ තියෙන්නේ. යකඩ බාර් නැවිලා කැඩිලා තියෙන හැටි බලන්න.ඔයාල කුණු අස්කරන්න එපා. කුණු නොදා එන්න,ඒ ඇති.මේ කුණු කඳු අස් කරල ශ්‍රී පාද වාරයට මේවා අස් කරන්න ඕන අහිංසක රණවිරුවෝ. ඒ දේ වත් හිතන්න..හිතින් අහන්න.. ඔයා දාපු එක ටොපි කොලයක් හරි මේකට සම්බන්ධයි..තමන් වැරදිද නැද්ද කියලා තමන්ගේ හිත දන්නවා.. දැන්වත් මේ දේ තේරුම් අරන් මේ වටිනා තැන ඒ දේට ගරු කරන මිනිස්සුන්ට වත් ආරක්ෂා කරලා දෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *