රහත් යැයි කීයූ සිරිධම්ම ස්වාමීන් වහන්සේ මල්වතු මහා නායක හිමිගෙන් වැඳ සමාව ගනී (photos)

දෙහිවල නැදිමාල සිරි සදහම් ආශ‍්‍රමාධිපති පූජ්‍ය පිටිදුවේ සිරිධම්ම හිමියන් විසින් මල්වතු මහ නාහිමියන් ප‍්‍රමුඛ එම නිකායේ කාරක සංඝ සභාවෙන් වැද සමාව ගනු ලැබ තිබෙනවා.

සිරිධම්ම හිමියන් විසින් කරන ලද ධර්ම දේශනයකදී දලදා වහන්සේට හා ලළාට ධාතුන් වහන්සේටත් අපාසස කලේ යයි එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් හා මල්වතු මහ නාහිමි ඇතුළු නාහිමියන් අපහසුතාවයට පත් කරමින් කරන ලද්දේ යයි කියන ප‍්‍රකාශ සම්බන්ධයෙන් මෙසේ සමාව ගෙන තිබෙන බව සදහන්.

අදාල චෝදනාවන් සම්බන්ධයෙන් සිරිධන්මම හිමියන් නිකායෙන් ඉවත් කිරීමට තීරණය කර ඒ සම්බන්ධයෙන් නිදහසට කරුණු දක්වන ලෙසට සිරිධම්ම හිමියන්ට මල්වතු පාර්ශවය මගින් ලිඛිතව දන්වා තිබුනා,ඒ අනුව මල්වතු මහා විහාරයෙදී මහ නායක හිමිගෙන් පිටීදූවේ හිමි වැද සමාව ගත් අතර එහෙදි ඇතිවූ සංවාදය සැකෙවින් මෙසේය

පිටිදූවේ හිමි : අනේ හාමුදුරුවනේ මමඔබවහන්සේට දලදා වහන්සේට කිසි නිගරැවක් කලේ නෑ නොදැනහෝ යටහත් මා අතින් එවැන්නක් වුනානම් දහස්වාරයක් සමාවේවා(දොහොත් මුදුන් දී මහානායකමහානායක හිමිගෙ දෙපා මුල වැඳ වැටී නමස්කාර කරමින් )

මහානායක හිමි : තමාට ප්‍රථම වර නිසා අපසමාව දෙනවා ,අවවාද අනුශාසනා ලබගෙනතමාගෙ ඉදිරි පැවිදි දිවියයහපත්ව වැඩදායක ගතකරන්න

පිටිදූවේ හිමි : එහෙනම් ස්වාමීනි එහෙමයි(දොහොත් මුදුන් දී දන නමා වදිමින්)මම ඔබවහන්සේලාගේමගපෙන්වීම යටතේ කටයුතු
කරනවා . නොදැන කල වරදටසමාවන සේක්වා , (පාද මුල වැදවැටෙමින් )

මහානායක හිමි : සමාව දෙනවා , තමාගෙ ඉදිරිශාසනික කටයුතු සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරනවා

එම අවස්තාවේ ඡායාරූප පහතින්

උපුටා ගැනීම :- Neth news

Leave a Reply

Your email address will not be published. Required fields are marked *