ශ්‍රී ලංකා කණ්ඩායම ලාහෝර් යන්න බෑ කියයි

පාකිස්ථානයේ ලාහෝර් නුවර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රීකට් තරඟයට සහභෘගී විය නොහැකි බව පවසමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් තිස්නව දෙනෙකු වවිසින් අත්සන් කරන ලද ලිපියක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත භාර දී තිබෙනවා

එම ලිපියේ සඳහන් වෙන්නේ පාකිස්ථානය සමඟ පැවැත්වෙන තුන්වන විස්සයි විස්ස තරඟය සඳහා පාකිස්ථානයේ ලාහෝර් නුවරට සංචාරය කිරීමට තමන් අකැමති බවය.පුදුමයට කාරණයනම් මෑතකදී ලෝක කණ්ඩායම සමඟ පාකිස්ථානයේ සංචාරය කරන ලද තිසර පෙරේරා පමණක් එයට අත්සන් කර නොතිබීමයි

මේ පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර තිබුණේ හැකි ඉක්මනින් ක්‍රීඩකයන් සමඟ සාකච්ඡා කරන බවත් තරගාවලියක් අතරතුර ක්‍රීඩකයන්ට බාධා කිරීමට තමන්ට නොහැකි බවත්ය
කෙසේ වෙතත් ක්‍රීඩකයන්ගේ අකැමැත්තෙන් ඔවුන් ක්‍රීඩා කිරීමට යැවීම ඔවුන්ගේ ආරක්ෂාවට මෙන්ම මානසික තත්වයටද එතරම් යහපත් නොවේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *