VIP වාහන වලට හිස නොනැමූ අපේ කාළයේ පොලිස් නිළධාරියා

දැනට බණ්ඩාරවෙල පොලිසියට අනියුක්තව සේවය කරන බණ්ඩාර මහතා මීට පෙර අවසන් වතාවට සේවය කලේ මහනුවර පොලිසියට අනියුක්තවය. මුළු මහනුවර නගරයම ඔහුව දනී. නීතිය ලොකු පොඩි කාටත් එක ලෙස ක්‍රියාත්මක කල “පැරිෂුට්” මහත්තයා පිළිබඳව කිසිවෙකු නොදන්නා කතාවක් ඇත.

ඔහු කිසිම රියදුරෙකුට කැත විදිහට කතා කරන්නේ නැත. කල වරද ගැන හොඳින් පැහැදිලිකර දී අදාළ නීතිය ක්‍රියාත්මක කරයි. ඔහුට ජරාව දීමට කිසිවෙකුට කල නොහැකිය. ඔහු ගැන නොදැන එම වරද කරන්න යන කෙනාට සිදුවන්නේ තවත් වරදකට ලක්වීමටය.බණ්ඩාර මහතා කිසිම රියදුරෙකුගෙන් ප්‍රතිලාභ ගැනීමට කැමති නැත. නමුත් ඔහු ගැන දන්නා ඇය “සර් තේ එකක් බොමුද” කී විට කිසිඳු පැකිලීමකින් තොරව ඊට කැමති වෙයි. නමුත් කිසි දවසක ප්ලන්ටියට එහා කිසි දෙයක් බලාපොරොත්තු නොවන ඔහු අඩුම තරමේ බනිස් එකක්වත් වෙන අයෙකුගේ මුදලින් ලබාගන්නේ නැත.

දිනක් මහනුවර නගරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ රථයටද දඩ කොලයක් ලියු ඔහු, මහනුවර මාර්ග තදබදය මැඩලීමට මහත් වෙහෙසක් ගත නිලධාරියෙකි.දිනක් මා ඔහු මහනුවර “ගුඩ් ෂෙඩ්” බස් නැවතුම අසල රාජකාරියේ නිරතව සිටින විටක ඔහු හා කතා කිරීමට සිතුවා. ඔහු යටතේ තවත් නිලධාරීන් තුන්දෙනෙකු පමණ එහි සිටියා.මම ඔහුට කතා කල සැනින් ඔහු ඇසුවේ “ඔව්..මම බණ්ඩාර තමා. මොකටද මට කතා කලේ…? මාව අඳුනනවද? ඒ කොහොමද? ” මේ ලෙස ප්‍රශ්න වලකට පිළිතුරු දුන් පසු ඔහු කතාව පටන් ගත්තා.

“පුතා..මම මේ විදිහට කතා කලාට තරහවෙන්න එපා. මොකද සමහරු ඔය විදිහට ඇවිල්ලා කතා කරලා පස්සේ කියනවා දඩ කොලයක් තියෙනවා, එක්කෝ උසාවි දාන්න එපා…ඔය වගේ දේවලට එනවා. ඒ නිසයි මම ඔය විදිහට කතා කරන්නේ”“අපේ රටේ මාර්ග නීතිය හරියට ක්‍රියාත්මක වෙන් නැහැ….දවසකට ජීවිත කීයක් විනාශ වෙනවද?…මේ ලස්සනට ඇඳගෙන සතුටින් යන ගැහැණු, පිරිමි, ළමයි දිහා වෙලාවකට පාර අයිනේ ඉඳල මම බලාගෙන ඉන්නවා. මම හිතින් පුදුම සතුටක් විඳින්නේ…මම නීතිය හරියට ක්‍රියාත්මක කරන නිසා නේද මේ මිනිස්සු සතුටින් යන්නේ කියල මට හිතෙනවා. මිනිස්සුන්ගේ සතුට වෙනුවෙන් මම රාජකාරිය ලොකු, පොඩි බේදයෙන් තොරව ක්‍රියාත්මක කරනවා.”

ඒ අතර ඔහු තවත් අපුරු දෙයක් කීවා.

“මම බණ්ඩාරවෙල. මගේ පොඩි ගෙයක් මම හැදුව කුරුනෑගල. හැබැයි මගේ ජනෙල්, උළුවහු හැදුවේ බණ්ඩාරවෙල. මම ඒවා කුරුණෑගලට ගෙනියන්න ෆෝමිට් දාගන්න ගිය. ඒ වෙලාවේ එතන ඉන්න නිලධාරින් කියනවා එයාලගේ රාජකාරි ඉතිහාසයටම පොලිසියේ රථවාහන අංශයේ මන් වගේ කෙනෙක් පළමු වතාවටලු අවේ ෆෝමිට් එකක් දාල ලී බඩු ගෙනියන්න….. ”බණ්ඩාර මහතා ට පැරිෂුට් කියන්නේ ඇයි?. මේ ගැනත් ගොඩක් දෙනෙක් දන්නේ නැහැ.මම හරියටම රාජකාරිය කරන….වැඩි වශයෙන් මහපාරේ ඉන්න කෙනෙක් සහ තරාතිරම නොබලා වැඩ කරනවා. හැමෝම පැරිෂුට් කීවට එකේ තේරුම දන්නේ නැහැ. මට එක පොලිසියක වැඩි කාලයක් ඉන්න බැහැ. වෙනවත් තැනකට මාරු කරනවා. තැනින් තැනට උඩින් ගිහින් වැටෙන නිසා මම පැරිෂුට් වුනා.

“මට මගේ රට ඉන්න යාලුවෝ තමයි මේවා එවන්නේ…මම ජරාව සතයක්වත් අරගෙන නැහැ.” ඔහු තම දෑස් ආවරණයන් මට පෙන්වූවා. මට විශ්‍රාම යන්න තියෙන්නේ තව ටික කාලයයි. මම රටට ණය නැති, රට වෙනුවෙන් ලොකු ලොකු මිනිස්සු එක්ක හැප්පුණු , නීතිය වෙනුවෙන්, මිනිසුන්ගේ ජීවිත වෙනුවෙන් තනියෙන් සටන් කරන මිනිහෙක්. මම මට කියල ලොකුවට මොනවත් එකතු කරගත්ත මිනිහෙක් නෙවෙයි. හැබැයි මට කිසිම කෙනෙකුට චෝදනා කරන්න බැහැ. මොකද මම පාගා කාරයෙන් නෙවෙයි. මට පොලිසිය හදන්න බැහැ. හැබැයි මම හදවතට බොරු කරන නැහැ. නීතිය හරියටම ක්‍රියාත්මක කරනවා.”

මම බණ්ඩාර මහතාට සමු දී මගේ ගමන යන්න පිටත් වුන. නමුත් ඔහු අද මහනුවර නැත. අද බන්ඩාරවෙලය. හෙට අනිවාර්යෙන් වෙනත් තැනකට මාරු කරනු ඇති. එහෙත් ලංකාවේ කොතන හිටියත් ඔහුගේ නීතිය හැමදාම වගේ අකුරටම සිදුවේවි. තමන්ගේ පියාටත්, බිරිඳටත් රථවාහන නීතිය අකුරට ක්‍රියාත්මක කල බණ්ඩාර මහතා ලංකා ඉතිහාසයට යම් දිනෙක තම සේවය රන් අකුරින් එක්කරනු ඇති. ඒ ලංකාවේ අල්ලසට යටවුනු මාර්ග නීති පද්ධතිය තුල සටන්කාමී, අවධානම් සහගතව නීතිය ක්‍රියාත්මක කල සැබෑ පොලිස් නිලදාරියෙකු වන නිසාය..

උපුටා ගැනීමකී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *