Viber එකට සිංහල ස්ටිකර් පැක් නිර්මාණය කරන ලංකාවේ සිත්තරා

වයිබර් එකේ සිංහල ස්ටිකර් යැව්වට ඒවා නිර්මාණය කළේ කවුද කියලා දන්නේ නෑ නේද?වයිබර් එකේ අපි කොයි කවුරුත් දන්න ඩම්පි අලි පැටියා,ඔයයි මමයි ආදී ගොඩක් සිංහල ස්ටිකර් පැක් නිර්මාණයකරපු ඩෙයිලොන් වෛජයන්ත අංගම්මන ගැනයි මේ කතාව.ලෝක ප්‍රකට වයිබර් සමාගමේ ඩිජිටල් ස්ටිකර් පැක් නිර්මාණකරුවෙක් වන ඔහු කළා අධ්‍යක්ෂවරයෙක් ,ත්‍රිමාන චරිත නිරූපණ ශිල්පියෙක්,ස්ටිකර් නිර්මාණ ශිල්පියෙක් විදිහට දැනට කටයුතු කරනවා.

අනුරාධපුර ප්‍ර‍දේශයේ උපත ලබන ඩෙයිලොන් අධ්‍යාපනය හදාරන්නේ අනුරාධපුර ශාන්ත ජෝශප් ,කැකිරාව මධ්‍ය මහා විද්‍යාලය සහ වලිසිංහ හරිස්චන්ද්‍ර යන විද්‍යාල වලින්ඉන් අනතුරුව සෞන්දර්ය කළා විශ්වවිද්‍යාලයේ බහුමාධ්‍ය කළාව පිළිබඳ විශේෂ උපාධියක් හදාරන ඔහු එහිම තාවකාලික උපදේශකයෙක් විදිහට කටයුතු කරනවා නමුත් ඉන් හදිසියේම ඉවත් වෙන ඔහු ඉන් අනතුරුව තමන් ඉගෙන ගත් ග්‍රැෆික් අංශයෙන්ම පෞද්ගලික අංශයේ රැකියාවක් සොයන්න පෙළඹෙනවාඑසේ 2015 අවුරුද්දේ මේ විදිහට රැකියා අවස්ථා සොයමින් ඉන්න අතරේ තමයි ඔහුට ඔහුගේ දුරකථනයේ ඇති වයිබර් ස්ටිකර් ගැන අවධානය යොමුවෙන්නේ.එම වන විටත් ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ඇති ස්ටිකර් වෙනුවට ශ්‍රී ලංකාව වෙනුවෙන් සිංහල භාෂාවෙනුත් ස්ටිකර් නිර්මාණය කළහැකි නේදැයි ඔහුට හිතෙනවා.එතැනත් වෘත්තියක් තියෙනවා නේද?මට ඒක කරන්න බැරිද කියන දේ.වටහා ගන්න ඔහු එවලේම අන්තර්ජාලය තුළ
කොහොමද ස්ටිකර් හදන්නේ සහ වයිබර් එකට දාන්නේ කියලා හොයන්න ගන්නවා.එවිට වයිබර් ආයතනය මඟින් වාර්ෂිකව සංවිධානය කරන අන්තර්ජාතික තරඟාවලියක් දකින නමුත් ඒ වන විටත් ඔහු මාසෙකින් ප්‍රමාදය වී හමහාරයි.නමුත් ඉන් පසුබට නොවන ඔහු ඔහුට හිතෙන දේ නිර්මාණය කරන්න පටන් ගන්නවා.

එසේ ඉන්න අනතුරුව පෞද්ගලික ආයතනයක කළා අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරන ඔහු 2016 වර්ෂයේ වයිබර් ආයතනය මඟින් සංවිධානය කරන ලද අන්තර්ජාතික තරඟාවලිය වෙත අපි කවුරුත් දන්න ඩම්පි අලි පැටියාගේ චරිතය ඒසඳහාඉදිරිපත් කරනවා එම චරිතය වයිබර් ආයතනය මඟින් හොඳම නිරිමාණ අතරට තෝරාගන්නා අතර වයිබර් ආයතනය විසින් ඔහුට ශ්‍රී ලංකාව වෙනුවෙන් සිංහලෙන් වයිබර් සිටිකර් නිර්මාණය කිරීමටද ඔහුට ආරාධනා කරනවා.

ඉන් අනතුරුව වයිබර් වෙනුවෙන් සිංහල ස්ටිකර් නිර්මාණය කරන ඔහුට තමා මේ වන විට ඇති වයිබර් සිංහල ස්ටිකර් 90%කගේ පමණ අයිතිය තියෙන්නේත්.ලංකාවට අමතරව දකුණු ආසියාවේ වෙනත් රටවල් වලටත් ස්ටිකර් නිර්මාණය කරන්න තරම් ලොකු දුරක් මේ වන විට ඔහු ඇවිදින්.

මේ වනවිට viber media sarl කියන මව් සමාගම සහ සහ වයිබර් වෙනුවෙන් ලංකාවේ ඇති Loops ආයතනයත් සමඟ ඔහු කටයුතු කරනවා.ස්ටිකර් වලින් පමණක් නොනැවතෙන ඩෙයිලෝන් මහරජ ගැමුණු චිත්‍රපටියේ ඇදුම් නිර්මාණකරු බවටද පත්වෙනවා.අපේ පුංචි රටේ අපේ භාෂාව ලෝකයක් ඉදිරියට ගෙන ගිය මේ පුංචි සිත්තරාට අපි හැමෝම අපේ මුලු හදවතින්ම සුභ පතමු

ඔහුගේ හැකියවෙන් බිඳක් තමා මේ තියෙන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *