Ikman.lk භාවිතා කරමින් සිදු කරන මහා වංචාව

හැමෝම ඇවිල්ල බලන්න, අනිත් අයත් දැනුවත් කරන්න මේ ගැන.

මට ඊයෙ වුණ සිද්ධියක් මේක, මගේ ෆෝන් එක විකුණන්න ඊයෙ මම Ikman.lk එකේ ඇඩ් එකක් දැම්මා, දාලා සුලු වෙලාවකින් මම ඇඩ් එකේ දාපු මගේ අංකයට මැසේජ් එකක් ආවා Whatsapp වලින්, ඒක ලංකාවෙ නම්බර් එකක් නෙමෙයි IDD නම්බර් එකක්, එයා චැට් එකෙන් මගෙන් ඇහුවෙ ikman.lk එකේ දාපු ෆෝන් එක විකුණන්න තියේද, මගෙන් ගාන ඇහුවා, මම ඇඩ් එකේ තිබුණ ගාන කිව්වාම එයාට ඒක ගන්න ඕන කිව්වා, එයා U.S Army එකේ වැඩ කරන කෙනෙක් කිව්වා, දැන් Military වැඩ වගයකට නයිජීරියාවෙ ගිහිල්ලා කිව්වා ඉන්නේ, එයාගෙ පුතාගෙ ඇඩ්‍රස් එකත් මට එවලා මේ ඇඩ්‍රස් එකට ෆෝන් එක යවන්න කිව්වා(නයිජීරියා වල ඇඩ්‍රස් එකක්), යවද්දි SL Post හරි DHL
හරි මොනව හරි එකක් භාවිතා කරන්න කීව්වා(මට මෙතැනදිත් පොඩි සැකයක් ආවා පිටරට ඉන්න කෙනෙක් SL Post ගැන දන්නෙ කොහොමද කියලා,මට මුදල් ගෙවීමට මගේ බැන්කු ගිණුම් වල විස්තරත් ලබාගත්තා, එ් අතෙරදීම මගේ ඊමේල් ඇඩ්‍රස් එකත් ඉල්ලගත්තා(ඊමේල් ලිපිනය ඉල්ලද්දි මම කල්පනා කලා ඒක මොකටද ඕන වෙන්නෙ කියලා, ඒත් ඉතිං ප්‍රශ්නයක් නැති නිසා ඒකත් ඔන්න ඔහේ දීල දැම්මා) ඔය සංවාදය වුණේ ඊයේ රෑ, ඒත් මම කල්පනා කළාපිටරට ඕන තරම් ෆෝන් තියෙද්දි ඇයි මේ ලංකාවෙන්ම ෆෝන් එකක් ගෙන්නන්න හදන්නේ කියලා, ඊට පස්සේ මට හිතුනා පිටරට මේෆෝන් වර්ගය දැන් හොයාගන්න බැරි නිසා එයා ඒකටම තියෙන ආසාවට මෙහෙන් ගෙන්නන්න හදනවා කියලා මම හිතාගත්තා, Whatsapp වලින් චැට් කරපු හැම Screenshot එකක්ම මම යටින් දාලා තියෙනවා,

ට පස්සෙ අද උදෙ මෙන්න මෙයා මැසේජ් එකක් දැම්මා මම තව විනාඩි 30කින් සල්ලි දානවා ඔයාගෙ අකවුන්ට් එකට ඊට පස්සේ ෆෝන්
එක පෝස්ට් එකට දාන්න කියලා, මටත් ඇත්තටම වෙන දේ හිතාගන්න බැරුව හිටියේ, කොහොම හරි මගේ බෑන්ක් අකවුන්ට් එකේ
SMS Alert සර්විස් එකත් දාගෙන ඉන්න නිසා මෙයා සල්ලි දැම්මොත් මට මේක මැසේජ් එකකින් එන නිසා, මම කලබල නොවී
වෙනදේ බලාගෙන හිටියා, එ් අතරෙදි මට ඊමේල් එකක් ආවා US Bank එකෙන් ඔයාට Rs. 50,760ක මුදලක් ලැබිලා තියෙනවා (මම ඊෙම්ල් එක දැක්ක ගමන් පුදුම වුණා මොකද මම ෆෝන් එක දැම්මෙ 24,000 කට ඒත් මේ ඊමේල් එකෙන් 50,760ක් වැටුන කිව්වාම), ඒ මුදල ලබාගන්න ඔයා අදාළ භාණ්ඩය පෝස්ට් එකට දාලා, තැපෑලයෙන් දුන්න රිසීට් එකේ පිටපතක් හා ට්‍රැකින් නම්බර එක ඊමේල් කරන්න කියලා, ආව ඊමේල් එකේ ස්ක්‍රීන් ෂොට් එකක් යටින් දැම්මා

ඒක ඇවිල්ල විනාඩි 10ක් යන්න වුණේ නෑ ඒ පුද්ගලයා වට්ස් ඇප් එකෙන් චැට් කරල මම සල්ලි ගෙව්වා ඔයාට ඊමේල් එකක් ආවාද කියලා ඇහුවා, මම කිව්වා ඊමේල් එක නම් ආවා ඒත් මගේ ලෝකල් බෑන්ක් එකට සල්ලි ඩිපොසිට් වුණේ නැති නිසා මේක ෂිප් කරන්න බෑ කියලා,
එතකොට එයා කියනවා SLPost දාලා ඒකෙ රිසීට් එකයි ට්‍රැකින් නම්බර් එකයි ඔය බෑන්ක් එකට දෙන්න එවෙලේම සල්ලි ටික ඔයාට ලැබෙයි කියලා, ඒත් එක්කම මට ලොකු සැකයක් ආවා, මම ආයිත් ඒ ඊමේල් එක බැලුව ඒක එව්වේ කවුද කියලා, මට එතැනදි මගේ සැකය හරියටම තහවුරු වුණා, ඒකෙ Sender තමයි Usbank@insurer.com මේ insurer.com කියන ඩොමේන් එකට ගියාම ඒක මුකුත්ම නෑ,කිසිම වෙබ්සයිට් එකක් පේන්න නෑ, ඒ විතරක් නෙමෙයි ගූගල් එකේ සර්ච් කරල බැලුවම ඒ සයිට් එක, වංචා ගොඩකට අහුවුණ සයිට් එකක්කියලා පෙනුනා, මම ඒ විස්තර ඔක්කොම අර වට්ස් ඇප් එකේ චැට් කරපු කෙනාට කිව්වාම එයා බායි කියලා මාව වට්ස්ඇප් එකෙනුත් බ්ලොක් කලා එයාගෙ බොරුව එතනම අහුවුණ නිසා,

මේක ඉන්ටර්නෙට් එකේ අපි නොදකින තවත් ලොකු වංචාවක්,හැබැයි මට මේකෙ තාම හිතාගන්න බැරි දේවල් ටිකක් තියෙනවා,මෙයා හැම තිස්සෙම SL Post එකෙන් දාන්න කියලා කියන්නේ, මේ හොරකම කරන පුද්ගලයා ලංකාවෙ කෙනෙක් වෙන්න ඕන, එ් විතරක් නෙමෙයි SL Post එක ඇතුලෙ සම්බන්ධතා තියෙන කෙනෙක් වෙන්නත් ඕන, මොකද මෙයා ට්‍රැකින් නම්බර් අරගෙන පාර්සල්
එක අපේ රටින් යන්න කළින් උස්සන්න තමයි හදල තියෙන්නේ, මේක පිටිපස්සේ ලොකු මෙහෙයුමක් තියෙනවා,මේ ගැන දන්න හැමෝම දැනුවත් කරන්න, ඒ වගේම මට හිතෙන දෙයක් මේ හොරකම අල්ලගන්න ගොඩක් ලේසියි කියලා, ඒ නිසා
මේ සම්බන්ධව පියවර ගන්න පුලුවන් කෙනෙක් එලකිරි එක ඇතුලෙ ඉන්නවා නම් පොඩක් හොයලා බලන්න, මටත් පුලුවන් උපරිමයෙන් දෙයක් කරනවා, මේක පිටිපස්සේ අනිවාර්යෙන්ලංකාවෙ තැපැල් සේවයේ වැඩ කරන ලොකු ජාවාරම්කාරයො සෙට් එකක් ඉන්නවා

පුලුවන් තරම් ෂෙයා කරන්න මේක රැවටෙන්න යන අය බේරගන්න පුලුවන් වෙයි

උපුටා ගැනීම :- Elakiri.com

7 Comments on “Ikman.lk භාවිතා කරමින් සිදු කරන මහා වංචාව”

  1. hapooo okee number aka mama check kara Nigeria Country Code akak akkaa Nigeria wala aun okoma karanee Money Laundering seen aka mama danuwath ma Lankawe hira gedara Nigerian akek inawa jeewithanthaya dakwa hiree inaa akek oya wage seen akata matu wela hapoo owaa maha karadara wada antimata hiree tamai yana wenne

    ahuwenanam epa hapooo

  2. කතාව ඇත්ත මටත් උන ඔයදේම මගේ ලැප්ටොප් 1 විකුනන්න දාපු වෙලාවේ, Shipping cost එකත් එක්කම දෙන්නම් කියනව laptop නැතුවද බන් america වල, ikman.lk complain kala noreply, එයාල දෙන්නෙ service එකක්නෙ. කාලයක් තිස්සේ කරන ජාවාරමක් මම හිතන්නේ.

  3. Nigeria… දැක්ක ගමන් නයිජීරියා දැනගන්න ඕනෙ මොන වගෙ එකද්ද කියල! :p

  4. Oya Nigeria wage countries walin ikman wage godak aya use karana apps/site walata ringala info aragena karana dewal,,,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *