ලංකාවේ ජනප්‍රියම Youtube තරු සහ ඔවුන්ගේ Youtube ආදායම්

අතීතයේ යූටියුබ් කියන්නේ නිකම්ම නිකන් සෝෂල් මිඩීයා එකක් වුවත් වර්ථමානයේ එය බොහෝ දෙනාට සල්ලි ලබා දෙන සල්ලි ආකාරයක් වී හමාරය.මේ නිසාම බොහෝ දෙනෙක් අද යූටියුබ් හි චැනල් එකක් පටන් ගෙන මොන මොන හෝ වීඩියෝ අප්ලෝඩ් කිරීමට පෙළඹී ඇත.වර්ථමානයේ බොහෝ මියුසික් වීඩියෝද යූටියුබ් හරහා පමනක් එළි දකින්නේ මෙන්න මේ හේතුව නිසාවෙනි

බොහෝ දෙනෙක්ට ඇති ගැටලුවනම් කොහොමද මේ යූටියුබ් හරහා සල්ලි හොයන්නේ කියන කාරණයයි.
මෙහිදී සිදුවන්නේ යම් කිසි වෙළඳ දැන්වීමක් අපගේ වීඩියෝ ව පටන් ගැනීමට පෙර හෝ අතරමැද විකාශය කිරීමයි.ඒ සඳහා වෙළෙඳ දැන්වීම් ලබාදෙන ප්‍රධාන සේවාදායකයෙක් ලෙස ගූගල් ඇඩ්සෙන්ස් හඳුන්වා දිය හැක
ඔවුන් අපග් වීඩියෝවට ලැබෙන Views ගාණට ඒ අදාළ මුදල් අප වෙත ගෙවනු ලබයි.නමුත් වෙන රටවල් වලට සාපේක්ෂව ගූගල් ඇඩ්සෙන්ස් ශ්‍රී ලංකන් යූටියුබ් චැනල් වෙත ගෙවන මුදලෙහි යම් අඩුවක් ඇත.
කෙසේ හෝ යූටියුබ් හරහා ලංකාවේ ජනප්‍රිය වූ යූටියුබ් තරු සහ ඔවුන්ගේ යූටියුබ් ආදායම් අපි මෙහිදී විමසා බලමු

නාමල් බාලසූරිය
එදිනෙදා අවශ්‍ය වන තාක්ෂණික මෙන්ම ජංගම දුරතකන ගැටලු පිළිබඳව විග්‍රහ කෙරෙන යූටියුබ් චැනල් එකකි.
ඔහුගේ දළ මාසික යූටියුබ් ආදායම රුපියල් 1900-27000ත් අතර වේ

videokatha
විද්‍යා හා තාක්ෂණික අංශය ගැන වීඩියෝ අඩංගු යූටියුබ් චැනල් එකකි.
ඔවුන්ගේ   මාසික දළ යූටියුබ් ආදායම රුපියල් 2900-46000ත් අතර වේ

Podda
පොඩ්ඩව කවුරුත් දන්නේ ජෝක් වීඩියෝ නලුවෙක් විදිහටනේ
ඔහුගේ දළ මාසික යූටියුබ් ආදායම රුපියල් 3500-55000ත් අතර වනවා

 මලින්ද අලහකෝන් (Tech Track)
විද්‍යා හා තාක්ෂණික අංශය ගැන වීඩියෝ අඩංගු යූටියුබ් චැනල් එකකි.
ඔහුගේ දළ මාසික යූටියුබ් ආදායම රුපියල් 4700-75000ත් අතර වේ

NAWRAN
නව්වවත් කවුරුත් දන්නේ ජෝක් වීඩියෝ නලුවෙක් විදිහටනේ
ඔහුගේ දළ මාසික යූටියුබ් ආදායම රුපියල් 17000-200000ත් අතර වනවා

ජනයි ප්‍රියයි (Janai Priyai)
යූටියුබ් එකට ජෝක් වීඩියෝ නිර්මාණය කරන තවත් දෙපළක්
ඔවුන්ගේ මාසික දල යූටියුබ් ආදායම රුපියල් 58000-500000ත් අතර වනවා

Chanux Bro
තාක්ෂණික අංශය ගැන වීඩියෝ අඩංගු යූටියුබ් චැනල් එකක් වන මෙහි මාසික දල යූටියුබ් ආදායම රුපියල් 53000-700000ත් අතර වනවා

Wasthi Productions “වස්ති”
ලංකාවේ ජනප්‍රියම ජෝක් වීඩියෝ ටීම් එක එක ගැන ආයෙ කතා කරන්න දෙයක් නෑනේ
ඔවුන්ගේ මාසික දල යූටියුබ් ආදායම රුපියල් 700000-1600000ත් අතර වනවා

විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ තියෙන්නේ පිටරටවල් වලට Adsense ගෙවන ගාණයි ලංකාවට ගෙවන ගාණේ පවතින අඩුව නිසා යම් වෙලාවට ඔවුන්ට හිමිවන්නේ එම ගාණෙන් 3/2 පමණ ප්‍රතිශතයකි

එමෙන්ම මතක් කල යුතුයි ලංකාවේ දැනට වාඩිම මුදලක් හිමි කරගන්න යූටියුබ් චැනල් එක වෙන්නේ ටීවි දෙරණයි ලංකාවේ A වර්ගීකරනයේ තියෙන එකම එක යූටියුබ් චැනල් එක වෙන්නේත් ටීවි දෙරණ පමණයි
ඔවුන්ගේ මාසික දල යූටියුබ් ආදායම රුපියල් 800000-2000000ත් අතර වනවා

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *