පළමු ටෙස්ට් තරඟයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර අබුඩාබිහී පැවති පළමු ටෙස්ට් තරඟයෙන් ලකුණු 21ක තියුණු ජයග්‍රහණයක් ළබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් උනා.පළමුව කාසියේ වාසිය දිනා පන්දුවට
පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 419ක් ලබා ගත්තා. ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්නොදැවී  ලකුණු 155 සහ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ලකුණු 93කුත් එම ඉනිම වෙනුවෙන් ලබා දුන්නා


ඉන්පසුව තම පළමු ඉණිම ක්‍රීඩා කිරීම සඳහා පැමිණි පාකිස්ථාන කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 422ක් ලබා ගත්තා.පාකිස්ථානය වෙනුවෙන් ෂාන් මස්ඌඩ්,සමී අස්ලම්,අෂාර් අලි සහ හරිස් සෝහිල් අර්ධ ශතක වාර්තා කළ
අතර පන්දු යැවීමේදී රංගන හේරත් ලකුණු 93කට කඩුලු 5ක් බිඳ හෙළීමට සමත් උනා


ඉන් අනතුරුව පාකිස්ථානයට වඩා ලකුණු 3ක් පසුපස සිට සිය දෙවනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩාමට සියල්ලන් දැවී රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 138ක් පමණයි.නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 40ක් දෙවනි ඉණිම වෙනුවෙන් ලබා දුන්නා
ශ්‍රී ලංකා දෙවනි ඉනිමේ කඩුලු 10න් කඩුලු 5කට වග කියූ යෂීර් ෂා එම ඉණිමේදී ලකුණු 51කට කඩුලු 5ක් බිඳ හෙළීමට සමත් උනා.


ඉන් අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 136ක ඉලක්කයක් හඹා ගිය පාකිසථාන කණ්ඩායමට සිල්ලන් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 114ක් පමණි. පාකිස්ථාන දෙවනි ඉණිමේද විනාශකරු බවට පත්වූ රංගන හේරත් එම ඉණිමේද ලකුණු 43කට කඩුලු 6ක් ලබා ගන්නේ පාකිස්ථානයට එරෙහිව ලබාගත් සිය 100වන කඩුල්ලේ වාර්තාවද එරෙහිව ලබාගත් සිය 100වන කඩුල්ලේ වාර්තාව සහ ටෙස්ට් කඩුලු 400ක් ලබා ගත් වමත් පන්දු යවන්නාගේ වාර්තාවද තමන් සතු කර ගනිමින්


දෙරට අතර දෙවන ටෙස්ට් තරඟය ලබන 6වනදා පැවැත්වීමට නියමිතයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *