විශ්ව ළමා දිනය

මෙසේ ලමුන් වෙනුවෙන් දිනයක් ආරම්භ කිරීමේ ප්‍රධානම අරමුන වූයේ, කුඩා දරුවන් ළමා මෙහෙකාර සේවයෙන් මුදා ගැනීමයි.
1914 දි ආරම්භ වූ ලෝක යුද්දය, 1918 දී අවසන් වූ අතර මේ යුද්දය හේතුවෙන් කුඩා ළමුන් විශාල වශයෙන් හින්සාවලට හා පීඩාවට පත්විය.මෙසේ දරුවන්ට වූ හානිය සලකා 1923 දී” එග්ලයින්ටන් ජෙබී” මහත්මිය සමීක්ශනයක් සිදු කරන ලදි.එම සමීක්ශනය අවසානයෙ වගන්ති 05කින් යුතු ළමා අයිතිවාසිකම් ප්‍රකාශයක් බිහිවිය.

1924 දී එ.ජා.ස මගින්, මෙම කරුනු ලොව පුරා ක්‍රියාත්මක ප්‍රකාශය්ක් විදිහට පිළිගන්නා අතර මෙහි මූලික අරමුණ වූයේ ළමයින්ට ආරක්ශාව හස් රැකවරනය සැලසීමයි.

නැවත 1939 ඇති වූ ලෝක යුද්දය හේතුවෙන් ළමුන්ට විශාල වශයෙන් හානි සිදු විය. ඒ හේතුව මුල්කොගෙන නැවත වරක් 1959 දී එ.ජා.ස මගින් කරුනු 10කින් යුත් ළමා අයිතිවාසිකම් පිළිබද ප්‍රකාශයක් පිළිගත් අතර
1979 වන විට ජාත්‍යයන්තර ළමා වර්ශය හා අයිතිවාසිකම් පද්ධතිය කෙටුම්පත් කෙරුනා. ඒ අනුව 1990 දෙසැම්බර් 20 එක්සත් ජාතින්ගෙ මන්ඩලය විසින් පිළිගෙන ජාත්‍යයන්තර නීතියක් ලෙස බලගන්වන ලදි.මේ සදහා 1991 ජූලි 12 දා ලංකාවද අත්සන් කරන ලදි.

ශ්‍රී ලංකාවේ එය ඔක්තෝබර් 01 වෙනිදා සමරන මුත්,
ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතින්ගේ සංවිධනයේ ප්‍රකාශයට රටවල් 13කගේ අත්සන් යෙදුණු අතර එහිදී තම තමන්ට සුදුසු දිනයක් යොදාගන්නා ලෙස ඉල්ලා සිටියා.
රොමේනියාව ජූනි 01,
ආජන්ටිනාව අගෝස්තු දෙවන ඉරිදා,
බ්‍රසීලය ඔක්තෝබර් 12,
ඉන්දියාව නොවැම්බර් 20,
ඊශ්‍රායලය ඔක්තෝබර් 19,
කැමරන් ,කොංගෝ රාජ්‍යන් දෙනැම්බර් 25,
පැරගුවේ ඔක්තෝබර් 16,ද ආදී ලෙස දිනයන් යොදාගත්තා..

එසේ බිහිවූ ලමා දිනය හැම වසරකම සියලුම රටවල් පාහේ අදවනතෙක් සමරමින් පැවත එයි.
නමුත් මෙසේ ලමයින් රැක බලා ගැනීමට එක දිනයක් පමනක් නොව මුලු ජීවිත කාලයම වැඩිහිටියන් කැප කල යුතු විය යුතුය. එසේ නොවීම හේතුවෙන් අදටත් කිසිදු ලමා අයිතිවාසිකමක් බුක්ති විදිමට නොහැකිව ලමුන් කොපමන පිරිසක් ලෝකය පුරා සිටිනවද? ඒ ළමුන් වෙනුවෙන් පෙනී සිටීම වත්මන් වැඩිහිටි පරපුරේ වගකීමකි. ලෝක ළමා දිනය උත්සව ශ්‍රීයෙන් සැමරීමට වඩා එය වටින බවයි මට හැගි යන කරුනනම්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *