ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පළමු ටෙස්ට් තරඟයේ පළමු දිනය

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පළමු ටෙස්ට් තරඟයේ පළමු දිනය වන අද දිනය සඳහා තරඟය නතර කරන විට පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු227ක් ලබා සිටියා.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉනිම ආරම්භ කිරීමට දිමුත් කරුණාරත්න සහ කෞෂාල් සිල්වා පිටියට පැමිණි නමුත් මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 34ක් වන විට පළමු කඩුල්ල ලෙස කෞෂාල් සිල්වා
ලකුණු 12කට දැවී යන අතර ඉන්පසුව පිටියට පැමිණි ලහිරු තිරිමාන්නද ලකුණු නොලබා දැවී යන්නේ යසීර් ෂා හට ඔහුගේ 150වන ටෙස්ට් කඩුල්ලද ලබා දෙමිනි.
ඉන්පසුව පිටියට පැමිනි කුසල් මෙන්ඩිස්ටද සාර්ථක වීමට ඉඩ ලබා නොදෙන යසීර් ෂා කුසල් මෙන්ඩිස්වද ලකුණු 10කට නැවත ක්‍රීඩාගාරයට හරවා යවන්නේ ශ්‍රී ලංකා ඉනිම තවත් අසීරු අඩියකට ඇද දමමින්ය.
ඉන්පසුව පිටියට පැමිණෙන ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් සහ දිමුත් කරුණාරත්න අතර සෙමෙන් ගොඩනැගෙන ලකුණු 100ක සබඳතාවය  ඹ්‍රී ලංකා ඉනිමට නව බලාපොරොත්තුවක් එක් කරන නමුත්
ලකුණු 93ක් ලබා සිටියදී දිමුත් කරුණාරත්න අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යෑමකට හසුවෙයි.දිනය අවසාන වන විට කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 42ක් සහ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු60ක්  ලබා සිටියි.

තරඟයේ ලකුණු පුවරුව පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *