මයිකල් ජැක්සන් තවමත් ජීවතුන් අතර?

ලොකයේ බිහිවුනු අසහාය ගායකයෙකුවන මයිකල් ජැක්සන් තවමත් ජීවතුන් අතර සිටින බවට ආරංචියක් පසුගිය දිනවල ලොව පුරා වෙසෙන ඔහුගේ රසිකයින්හට අසන්නට ලැබුනා.මෙම සිද්ධියට මුල්වී තිබුනේ lourdes නැමති තරුණියක් විසින් ට්විටර් වෙත එක් කර තිබූ ඡායාරූපයක්.එම ඡායාරූපය පල කොට ඇය අන් අයට පවසා සිටියේ මේ තමාගේ පෙම්වතා බවයි.මයිකල් ජැක්සන්ගේ හැඩරුවට සමාන මෙම පුද්ගලයාගේ ඡායාරූපය දුටු බොහෝ දෙනෙකු විශ්වාස කරේ ඔහු මයිකල් ජැක්සන් බවයි.මේ පිලිබඳව ඩේලිමේල් පුවත්පත ඇයගෙන් විමසූ විට ඇය පවසා තිබුනේ අන්තර්ජාලයේ තිබුනු ඡායාරූපයක් තමන් මෙලෙස ට්විටර් වෙත මුදාහැරිය බවයි.එමෙන්ම මෙම පුද්ගලයා තමන් නොහඳුනන බවද ඇය කියා සිටියා.

කෙසේ වෙතත් වැඩි දුර සොයා බැලීමේදී හෙලිවුනේ මෙම ඡායාරූපයේ සිටිනුයේ ස්පාඤ්ඤ ජාතික සංගීතවේදියෙකු වන Sergio Cortés බවයි.මයිකල් ජැක්සන් මෙන් ගායනයට සහ නර්තනයට දස්කම් දක්වන ඔහු එරට ජනප්‍රිය තරුවක්ද වනවා.මේ ඔහුගේ ඡායාරූප එකතුවක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *