ඉරාජ්ට කළකම් පලදෙයිද?

ඉරාජ් Production හරහා මීට දීන කීහිපයකට පෙර එළි දැක්වූ ප්‍රවීණ කළකරුවකුගේ පෞද්ගලික ජීවිතය අළලා නිර්මාණය කරන ලද මියුසික් වීඩියෝව මේ වන විට සමාජය තුළ දැඩි පෙරළියක් ඇති කර හමාරය. ශ්‍රී ලංකන් YouTube Trending වල අංක 1 ස්ථානයේ වැජඹෙන එම වීඩියෝව මේ වන විටත් Views මිලියන 1 පසුකර ඇති නමුත් මේ වනවිට ඉරාජ් ගේ වීඩියෝවට ඇති like සංඛ්‍යාවට වඩා Dislike/unlike සංඛ්‍යාව වැඩි වී තිබෙන අතර පැයෙන් පැය එයට එල්ල වන report සංඛ්‍යාවද වැඩි වෙමින් පවතී.

දිගින් දිගටම මෙම වීඩියෝව නුසුදුසු වීඩියෝවක් ලෙස Report වුවහොත් එය YouTube සමාගම විසින් ඉවත් කරනු ඇති අතර පෙර අවස්ථාවකදීද එලෙස ඔහුගේ වීඩියෝවක් ඉවත්කර ඇති බැවින් මෙවර ඉරාජ්ගේ YouTube නාලිකාවම අත්හිටුවීමටද ඉඩ තිබේ.
එමෙන්ම කිසියම් විදිහකින් හෝ එම මියුසික් වීඩියෝව Sexual Content යටතේ report වුවහොත් YouTube ආයතනය විසින් ඔහුට මෙම මියුසික් වීඩියෝව සඳහා ගෙවන මුදලද අත්හිටුවීමේ අවදානමක්ද පවතී.

ඔබටත් මෙම මියුසික් වීඩියෝව නොසුදුසු යැයි හැගේනම් පහත දැක්වෙන ආකාරයට එය report කළ හැකිය

1.මුලින්ම ඔබේ email ලිපිනයෙන් යූ ටියුබ් වෙත ලොග් වෙන්න.ඔබට රිපෝර්ට් කිරීමට අවශ්‍ය වීඩියෝව වෙත යන්න.එම වීඩියෝව එකතු කර තිබෙන චැනලය ඔබ subscribe කර තිබෙනවානම් ඒ මත ක්ලික් කොට එය unsubscribe කරන්න.

2. වීඩියෝවේ දකුණු පස යට ඇති තිත් 3 මත ක්ලික් කරන්න.

3.ඉන්පසුව එහි රිපෝර්ට් යන්න ක්ලික් කරන්න

4.මෙම වීඩියෝව රිපෝර්ට් කිරීමට අවශ්‍ය හේතුව දක්වන්න.උදාරණයක් ලෙස මෙම වීඩියෝවෙන් යම් අයෙකුට අපහාසයක් වන පරිදි නිර්මාණය වූවක් නම් “Hateful or abusive content ” තෝරාගන්න.ඔබට යම් අදහසක් එකතු කිරීමට තිබෙනවානම් එය මෙහි සඳහන් කරන්න.අවසානයේ පහතින් ඇති submit යන අයිකනය ක්ලික් කරන්න.(submit කරන්න )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *