YouTube එකෙන් සල්ලි ගරන ඉරාජ්

ඉරාජ් Production එහෙම නැත්තන් ඉරාජ් කියන්නේ එක එක කාලෙට එක එක ආන්දෝලන ඇති කරන එක්තරා මියුසික් ප්‍රොඩියුසර් කෙනෙක්
ඉස්සර ටීවි එකේ පවා ප්‍රචාරය කරන ලද ඔහුගේ මියුසික් වීඩියෝ පසුව ටීවි එකෙන් දුරස්ව අන්තර්ජාලය හා පමණක් සම්බන්ධ වූයේ
දැඩි ආන්දෝලනාත්මක තත්වයක් ඇති කරමින්ය
YouTube වෙබ් අඩවිය විසින් එහි පළකරන වීඩියෝ සඳහා මුදල් ගෙවීමට ආරම්භ කිරීමත් සමඟ යූටියුබ් හරහා පමණක් ඔහුගේ මියුසික් වීඩියෝ එළිදැක්වූ ඉරාජ් ,සංගීතය මාකටින් භාණ්ඩයක් බවට ඇද දැම්මේය.ඒ සඳහා විවිධ උපක්‍රම භාවිතා කළ ඔහු අවසානයේ රටේ ප්‍රසිද්ධ දක්ෂ කළාකරුවකුගේ පෞද්ගලික ජීවිතයද තම මාකටින් රැල්ලට කොටු කළේය.
ඉරාජ් පවසන ආකාරයට ඔහුට අවශ්‍ය Views පමණකි.හැමෝම බනින්නේ ඔහුගේ වීඩියෝව නැරඹීමෙන් අනතුරුවය ඉතින් ඔහුට එම බැනුම් ගාණක් නැත මන්ද යත් ඒ වන විටත් ඔහු ට අවශ්‍ය Views බැන බැන හෝ අපි විසින් ඔහුට ලබා දී ඇත
මෙසේ සිදු කරමින් ඉරාජ් උපයන මුදල සුලුපටු නොවේ.ඔහු එසේ YouTube හරහා උපයන මුදල් ප්‍රමාණය ආසන්න වශයෙන් පහත දැක්වේ

ඒ අනුව බැලූ කළ ඔහුගේ මාසික YouTube ආදායම රුපියල් ලක්ෂ 10 ඉක්මවන අතර වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 200  ඉක්මවයි.

ඒසේ බැලූ විට පෙනී යන්නේ අපි බැන්නත් මාකටින් අතින් ඉරාජ් බොහෝ දුරක් ගොස් ඇති බවය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *